Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ තරග ආරම්භ කරමින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අතර තරගය නිත්තවෙල පිටියේදී හෙට (08) පස්වරුවේ පැවැත්වේ.
පළමු සතියේ තරග අවසානයේ රාජකීය විදුහල අතිරේක ප්‍රසාද ලකුණත් සමගින් ප්‍රසාද ලකුණු හයක් ලබා ‘ඒ’ කොටසේ පළමු කාණ්ඩයේ පෙරමුණ හිමිකරගෙන සිටියේය. එහිදී රාජකීය විදුහල ලකුණු 62-6 කින් මලියදේව විදුහල පරාජය කළේය.
ඉසිපතන විදුහල පළමු සතියේ තරගයේදී ලකුණු 30-6 කින් ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරමින් අතිරේක ප්‍රසාද ලකුණත් සමගින් ප්‍රසාද ලකුණු හයක් ලබා ‘ඒ’ කොටසේ දෙවැනි කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටියි.
රාජකීය විදුහල සහ සාන්ත තෝමස් විදුහල අතර මහා ක්‍රිකට් තරගය මෙම සති අන්තයේ පැවැත්වීම හේතුවෙන් එම විදුහල් දෙක අතර තරගය ලබන සඳුදා (11 වැනිදා පැවැත්වේ.
පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි සතියේ කාලසටහන
● මාර්. 08 - ශාන්ත අන්තෝනි විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර නිත්තවෙල පිටියේදී
● මාර්. 09 - මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර නිත්තවෙල පිටියේදී
● මාර්. 09 - විද්‍යා විද්‍යාලය සහ සහිරා විදුහල අතර ගල්කිස්ස විද්‍යා විද්‍යලයීය පිටියේදී
● මාර්. 10 - ත්‍රිත්ව විදුහල සහ ඉසිපතන විදුහල අතර පල්ළෙකැලේ රග්බි පිටියේදී
● මාර්. 10 - මලියදේව විදුහල සහ වෙස්ලි විදුහල අතර කුරුණෑගලදී
● මාර්. 11 - රාජකීය විදුහල සහ සාන්ත තෝමස් විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.