Last Update  :  2024-04-24 17:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby චන්ද්‍රශාන් ආධාර රග්බි තරගය 9 දා

චන්ද්‍රශාන් ආධාර රග්බි තරගය 9 දා

රොෂාන් ගුණරත්න - 2019 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ හිටපු රග්බි නායකයකු වන චන්ද්‍රශාන් පෙරේරා මහතා වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන රග්බි තරගය මේ මස 9 වැනිදා පවස්වරු 6.30 ට කොළඹ හැව්ලොක්ස් පිටියේදී පැවැත්වේ. 

කොළඹින් බිහිවූ රග්බි ක්‍රීඩකයන්ගේ කණ්ඩායම සහ පිට පළාත්වලින් බිහිවූ රග්බි ක්‍රීඩකයන්ගේ කණ්ඩයම අතර මෙම තරගය පැවැත්වේ. හිටපු රග්බි ක්‍රීඩකයකු, නිලධාරියකු සහ පුහුණුකරුවකු වන චන්ද්‍රශාන් පෙරේරා මහතා රෝගී තත්ත්වයේ පසු වන හෙයින් ඒම මහතාට ආධාර පිණිස මෙම තරගය පැවැත්වේ. 

මෙම කණ්ඩායම් දෙකට ජාතික මට්ටමේ සියලුම ප්‍රබල ක්‍රීඩකයන් ඇතුළත්ව සිටින අතර කොළඹ පිලේ නායකයා ලෙස ඔමල්ක ගුණරත්න ද, පිට පළාත් පිලේ නායකයා ලෙස රොෂාන් වීරරත්න ද, කටයුතු කරති. මෙම තරගය චීන තායිපේහිදී ලබන මැයි මස පැවැත්වෙන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීමේ තේරීම් තරගයක් ද වන බව ශ්‍රී ලංකා රග්බි පවසයි. 

තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත් මිලදී ගැනීමක් අවශ්‍ය නොවන අතර ඕනෑම අයකුට තරගය අවස්ථාවේදී මූල්‍ය පරිත්‍යාග කළ හැකිය.  

චන්ද්‍රශාන් පෙරේරා මහතා 1979 වසරේ සිට 1994 දක්වා ශ්‍රී ලංකා ප්‍රධාන රග්බි පිල සහ සත් සාමාජික රග්බි පිල නියෝජනය කර ඇති අතර ඒ මහතා සත් සාමාජික රග්බි පිලේ නායකයා ලෙස ද කටයුතු කර තිබේ. 

චන්ද්‍රශාන් මහතා රග්බි සහ ක්‍රිකට් නිලධාරියකු ලෙස ද කටයුතු කර ඇති අතර ඒ මහතා ශ්‍රී ලංකා රග්බි සංගමයේ පළමු විධායක අධ්‍යක්‍ෂවරයාද වූයේය. පසුව රග්බි තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ද, කටයුතු කර තිබේ. ඒ මහතා ශ්‍රී ලංකා රග්බි සංගමයේ යාවජීව සාමාජිකයකු ද වෙයි. ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා යන කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස ද ඒ මහතා කටයුතු කළ අතර ශාරීරික යෝග්‍යතා පිළිබඳව විශේෂඥයකු ලෙස ද, ප්‍රසිද්ධියක් උසුළයි.  ඉංග්‍රිසි භාෂාව හැසිරවීමේ ප්‍රවීණයකු වන චන්ද්‍රශාන් පෙරේරා රග්බි සහ ක්‍රිකට් විස්තර විචාරයකු ලෙසද කටයුතු කර තිබේ. 

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න මහතා පැවසුවේ රග්බි සංවර්ධනයට සහ ක්‍රීඩක සුබ සාධනය සඳහා අරමුදලක් පිටිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. 

“අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපේ තරගවලදී ප්‍රචාරණ අයිතිය අළෙවි කර සංගමයට ආදායමක් ලබාගෙන එය රග්බි සංවර්ධනයට සහ ක්‍රීඩකයන්ගේ සුබ සාධනයට යෙදවන්න. එහෙම උණොත් අපිට මෙවැනි අවස්ථාවක එය වඩාත් ප්‍රයෝජනවත් වෙයි” යැයි ගුණරත්න මහතා වැඩි දුරටත් පැවසීය. 

එහිදී ශ්‍රී ලංකා රග්බි සංගමයේ උප සභාපති නසීම් මොහොමඞ් මහතා පැවසුවේ මෙම තරගයෙන් චන්ද්‍රශාන් මහතා වෙනුවන් මිලියන කීපයක මුදල් ලැබේ යැයි තමන් විශ්වාස කරන බවයි. 

“තරගය පැවැත්වෙන අවස්ථාවේදී කාන්තා රග්බි සංචිතයේ ක්‍රීඩිකාවන් ප්‍රේක්‍ෂකයන් වෙත එනවා. එම අවස්ථාවේදී ඕනෑම කෙනෙකුට තමන්ගේ පරිත්‍යාග ලබාදෙන් පුළුවන්” යැයි උප සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු තරග තීරක රොෂාන් මහානාම මහතා අදහස් දක්වමින් පැවසුවේ තමන් ක්‍රීඩා කරන කාලයේ තමන්ට පෞද්ගලිකවත් කණ්ඩායමටත් ස්වේච්ඡාවෙන් ශාරීරික යෝගතාවය පිළිබඳව උපදෙස් දීමට චන්ද්‍රශාන් පෙරේරා මහතා කටයුතු කළ බවත් එම උපදෙස් සාර්ථකත්වයට වඩාත් වැදගත් වූ බවයි.

“මට මතකයි අපි ක්‍රීඩා කරන විට චන්ද්‍රශාන් මහතා අපිට ව්‍යායාම පිළිබඳව උපදෙස් දුන්නා. විශේෂයෙන්ම වෙරළේ කරන ව්‍යායාම සැසිවලදී ඔහුගෙන් උපදෙස් ලැබුණා”

“අපි මේ අවස්ථාවේදී සියලු දෙනාම එකතු විය යුතුයි. මම තනි තනි පුද්ගලයන් සමඟත්, කණ්ඩායම් සමඟත් මේ පිළිබඳව කථා කළා. බොහෝ දෙනා මෙයට සහයෝගය දෙන්න කැමැත්තෙන් පසු වෙනවා”

“ක්‍රීඩා අමාත්‍යවරයා රග්බි ක්‍රීඩා කරලා තියෙන කෙනෙක්. මම හිතනවා රග්බි සංගමයට අමාත්‍යවරයා සමඟ කථා කරලා සහයෝගය ගන්න පුඵවන් කියලා”

“මට දැනගන්නට ලැබුණා ක්‍රීඩා අමාත්‍යංශයට මෙවැනි දේවල්වලට මුදල් ලබාදෙන්න හැකියාව තියෙනවා කියලා. නමුත් මම ඒක කියන් හරියටම දන්නේ නෑ. මම හිතනවා පාලකයෝ ක්‍රීඩකයන්ගේ සුබ සාධනය පිළිබඳවත් අවදානය යොමු කළ යුතුයි කියලා” යැයි මහානාම මහතා වැඩි දුරටත් පැවසීය. 

චන්ද්‍රශාන් පෙරේරා මහතා මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යාසකවරයකු ලෙසද කටයුතු කළේය. 

 


අදහස් (0)

චන්ද්‍රශාන් ආධාර රග්බි තරගය 9 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.