Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කිංස්වුඩ් විදුහලට 58- 18ක ජයක්

කිංස්වුඩ් විදුහලට 58- 18ක ජයක්

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය විසින් මෙහෙයවනු ලබන ඩයලොග් කුසලාන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාඨශාලීය රග්බි තරගාවලියේ පළඟ ශූරතාව සඳහා කිංස්වුඩ් විදුහලත්, වාරියපොල ශ්‍රී සුමංගල විදුහලත් අතර නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවති රග්බි තරගයෙන් ලකුණු 58- 18 ක පහසු ජයක් වාර්තා කිරීමට කිංස්වුඩ් විදුහල සමත් විය.

ජයග්‍රාහි කිංස්වුඩ් විදුහල ගෝල දිනුම් 4ක් මගින් හා උත්සාහක දිනුම් 6ක් මගින් ලකුණු රැස් කළේය. ශ්‍රී සුමංගල විදුහල ගෝල දිනුමක් උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් මගින් ලකුණු රැස් කළේය. ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු22-13ක් වශයෙන් කිංස්වුඩ් පිල ඉදිරියෙන් විය.

මෙම තරගයේදී කිංස්වුඩ් පිල පහසු දිනුමක් වාර්තා කළද ප්‍රථම අර්ධයේදී කිංස්වුඩ් විදුහලට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සුමංගල ක්‍රීඩකයෝ සමත් වූහ. කෙසේ නමුත් කිංස්වුඩ් ක්‍රීඩකයන් විසින් දෙවැනි අර්ධයද ක්‍රියාත්මක කරන ලද සැලසුම්ගත ක්‍රීඩා රටාවෙන් ඉහළ ප්‍රතිඵල නෙලාගනිමින් මෙම පහසු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය. කිංස්වුඩ් විදුහල වෙනුවෙන් දෙවැනි අර්ධයේදී සුවිශේෂී දස්කම් දැක්වූ එච්.එම්. සන්දීප පිටපිට උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය. මෙම තරගය පැවැත්වෙන කාලසීමාවේදී සුමංගල විදුහලේ ආදි සිසුන්ගේ නොමනා හැසිරීම හේතුවෙන් ඔවුන් රැඳී සිටි ස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමටද සිදු විය.

තරග විනිසුරු කැලුම් සඳරුවන් මහතාගේ ප්‍රථම නලා හඬින් තරගය ආරම්භ වී තුන්වැනි විනාඩියේදී කිංස්වුඩ් විදුහලේ මොහොමඩ් කිෂාන් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. එම ප්‍රවර්තනය අසාර්ථක වූ අතර නැවතත් හයවෙනි විනාඩිය හය වැනි විනාඩියේදී කිංස්වුඩ් විදුහලේ මොහොමඩ් කිෂාන් විසින් නැවතත් උත්සාහක දිනුමක් වාර්තා කරන ලදී. මෙහි ප්‍රවර්ථනය අසාර්ථක වූ අතර නැවතත් දසවෙනි 10වැනි මිනිත්තුවේදී කිංස්වුඩ් විදුහලේ සී.එස්. සොයිසා විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්ථනය කිංස්වුඩ් ප්‍රවර්ථක එච්. එන්. සම්පත් විසින් සාර්ථක කර ගන්නා ලදී .

තරඟයේ 21වැනි මිනිත්තුවේදී සුමංගල විදුහලේ තරූෂ තමුදිත විසින් උත්සාහක දිනුමක් වාර්තා කරන ලද අතරඑහි ප්‍රවර්තනය උමේෂ් වීරකෝන් විසින් සාර්ථක කර ගන්නා ලදී. 30 වැනි මිනිත්තුවේදී මීටර 30 සීමාවේදී සුමංගල පිල වෙත ප්‍රදානය කෙරුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට උමේෂ් වීරකෝන් ක්‍රීඩකයා සමත් විය. 35 වැනි මිනිත්තුවේදී නැවතත් ක්‍රියාත්මක උමේෂ් වීරකෝන් මීටර 30 සීමාවේ සිට එල්ල කරන ලද ඩ්‍රොප් ගෝලයක් මගින් තම පිල තවත් ඉදිරියට ගෙන ආවේය. 37 වැනි මිනිත්තුවේදී කිංස්වුඩ් පිලේ එච්.එම්. සන්දීප විසින් උත්සාහක දිනුමක් වාර්තා කරන ලද අතර එහි ප්‍රවර්තනය අසාර්ථක වූ බැවින් ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 22- 13 ක් වශයෙන් කිංස්වුඩ් පිල ඉදිරියෙන් විය.

දෙවැනි අර්ධය ආරම්භ වී තුන් වැනි මිනිත්තුවේදී කිංස්වුඩ් පිලේ ටී. ඩි. ෆරීඩ් විසින් උත්සාහක දිනුමක් වාර්තා කරන ලද අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. 5වැනි මිනිත්තුවේදී කිංස්වුඩ් පිලේඑච්.එම්. සන්දීප විසින් උත්සාහක දිනුමක් වාර්තා කරන ලද අතර එහි ප්‍රවර්තනය සම්පත් විසින් සාර්ථක කර ගන්නා ලදී.

නැවතත් 8වැනි සහ 15 වැනි මිනිත්තුවලදී එම ක්‍රීඩකයා විසින්මඋත්සාහක දිනුම් දෙකක් වාර්තා කරන ලද අතර එහි එක් ප්‍රවර්ථනයක්ද සාර්ථක කර ගන්නා ලදී . 25 වැනි මිනිත්තුවේදී කිංස්වුඩ් පිලේ සම්පත් විසින් උත්සාහක දිනුමක් වාර්තා කරන ලද අතර එහි ප්‍රවර්තනයද සාර්ථක කර ගන්නා ලදී. ඉන් මිනිත්තු කීපයකට පසු කිංස්වුඩ් පිලේ ක්‍රීඩකයන්ලකුණු සීමාවට තල්ලු වී ගොස් උත්සාහක දිනුමක් වාර්තා කල අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. තරඟයේ අතිරේක කාලයේදී සුමංගල පිලේ ක්‍රීඩක එකතුවකින් උත්සාහක දිනුමක් වාර්තා කරන ලද අතර එහි ප්‍රවර්තනයද අසාර්ථක විය. තරඟය අවසන් නලා හඬ නිකුත් වන විට ලකුණු 58- 18ක ජයක් කිංස්වුඩ් පිල විසින් වාර්තාකර තිබුණි


අදහස් (0)

කිංස්වුඩ් විදුහලට 58- 18ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.