Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සහිරා විදුහලට තියුණු ජයක්

සහිරා විදුහලට තියුණු ජයක්

editorial - 2019 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ෂේන් සෙනෙවිරත්න)
සිංගර් කුසලාන අන්තර් පාඨශාලීය වයස අවුරුදු 20 න් පහළ රග්බි තරගාවලියේ පළඟ ශූරතා තරගයකදී ධර්මරාජ විදුහල පරදවා ලකුණු 13  - 12  ක තියුණු ජයක් වාර්තා කිරීමට සහිරා විදුහල සමත් විය. මෙම තරගය අද (15 වැනිදා) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ජයග්‍රාහි  සහිරා විදුහල උත්සාහක දිනුම් දෙකක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු රැස් කළ අතර ධර්මරාජ විදුහලගෝල දිනුමක් සහඋත්සාහක දිනුමක්මගින් ලකුණු රැස් කළේය.

තරග විනිසුරුඉසුරු පෙරේරා මතකාගේ ප්‍රථම නළා හඬින් තරගය ආරම්භ වි 15 වැනි විනාඩියේදී සහිරා විදුහලේ මොහොමඩ් නාෆිස් විසින් උත්සාහක දිනුමක් වාර්තා කරන ලද නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. 20 වැනි විනාඩියේදී ගෝල කණු ඉදිරිපිට මීටර 20 සීමාවේ දී සහිරා විදුහලට  ප්‍රදානය කරන ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට අබ්දුල් සලාම් සමත් විය.

තරගයේ 28 වැනි විනාඩියේදී ධර්මරාජ පිලේ ගෞරව පන්නිල විසින් උත්සාහක දිනුමක් වාර්තා කරන ලද අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු  08 – 05 ක් වශයෙන් සහිරා විදුහල ඉදිරියෙන් විය.

දෙවැනි අර්ධය ආරම්භ වී 22 වැනි විනාඩියේදී ධර්මරාජ විදුහලේ තේනුක වික්‍රමසිංහ විසින් උත්සාහක දිනුමක් වාර්තා කරන ලදි. සෞම්‍ය විජේසිරි  එය ප්‍රවර්ථනය කළ  බැවින් ලකුණු 12 – 08 වශයෙන් ධර්මරාජ පිල ඉදිරියට පැමිණියේය.

කෙසේ නමුත් තරගය නිමා වීමට මොහොතක් තිබියදී සහිරා පිලේ ක්‍රීඩකයන් ක්‍රීඩක එකතුවක් තුළින් ධර්මරාජ ලකුණු සීමාවට කඩාවැදී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. ඒසමගින් තරගයේ අවසන් නලා හඬ නිකුත් වුඒ අතර එවිටලකුණු 13 – 12  ක් වශයෙන් ජය වාර්තා කිරීමට සහිරා පිල සමත්වී සිටියේය.


අදහස් (0)

සහිරා විදුහලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.