Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශා.ජෝන් ක්‍රීඩකයෝ සභාපති කුසලාන දිනති

ශා.ජෝන් ක්‍රීඩකයෝ සභාපති කුසලාන දිනති

යොහාන් භාසුර - 2019 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගමාලාවේ ‘සභාපති’ කුසලාන තරගාවලියේ ශූරතාව දිනගැනීමට නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ නාලන්දා විදුහලට අනු ශූරතාව හිමිවිය.

කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (19) පැවැති අවසන් මහ තරගයේදී ශාන්ත ජෝන් විදුහල් පිල ලකුණු 41-10 කින් නාලන්දා විදුහල පරාජය කිරීමට සමත් විය.

ජයග්‍රාහි ශාන්ත ජොන් විදුහල ගෝල තුනකින් සහ උත්සාහක දිනුම් හතරකින් ලකුණු රැස්කළේය. නාලන්දා විදුහලට උත්සාහක දිනුම් දෙකකින් ලකුණු එකතු විය.

ශාන්ත ජෝන් විදුහල් පිල තරගය ආරම්භයේ සිටම ආක්‍රමණශීලීව ක්‍රීඩා කරමින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 29-10 ක් ලෙස පෙරමුණ ගත්තේය.
 


අදහස් (1)

ශා.ජෝන් ක්‍රීඩකයෝ සභාපති කුසලාන දිනති
  • Susantha Saturday, 20 July 2019 11:34 AM

    නියමයි ශා.ජෝන්ස්ලා...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.