Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශාන්ත පීතර - වෙස්ලි රග්බි අවසන් ගැටුම හෙට

ශාන්ත පීතර - වෙස්ලි රග්බි අවසන් ගැටුම හෙට

යොහාන් භාසුර - 2019 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ බම්බපිටිය ශාන්ත පීතර විදුහල සහ බොරැල්ල වෙස්ලි විදුහල අතර අවසන් මහ තරගය කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී හෙට (20) පැවැත්වේ. මෙම තරගය පස්වරු 4.15 ට ආරම්භ කිරීමට නියමිතය.

මෙම තරගයේදී ශාන්ත පීතර විදුහල් පිලේ නායකයා ලෙස බිලාල් හිල්මි ද, වෙස්ලි විදුහල් පිලේ නායකයා ලෙස මෝෂීට් සුබයිර් ද, කටයුතු කරති.

ශාන්ත පීතර විදුහල අවසන් පූර්ව තරගයේදී ඉසිපතන විදුහල ද, වෙස්ලි විදුහල අවසන් පූර්ව තරගයේදී මහනුවර විද්‍යාර්ථ විදුහල ද, පරාජය කළේය.

ශාන්ත පීතර විදුහල මෙවර ලීග් තරගාවලියේ අනු ශූරයන් බවට පත්වූ අතර වෙස්ලි විදුහල සිවුවැනි ස්ථානයට පත්විය.

වෙස්ලි විදුහල් රග්බි කණ්ඩායම

ශාන්ත පීතර විදුහල් රග්බි කණ්ඩායම

 


අදහස් (0)

ශාන්ත පීතර - වෙස්ලි රග්බි අවසන් ගැටුම හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.