Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකාවට පහසු ජයග්‍රහණ දෙකක්

ශ්‍රී ලංකාවට පහසු ජයග්‍රහණ දෙකක්

editorial - 2019 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේදී අති විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ධනුෂ්ක දයාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු කොරියාව සහ චීන තායිපේ පරාජය කරමින් පහසු ජයග්‍රහණ දෙකක් ලබාගත්තේය. මෙම තරගාවලිය චීනයේ හුයිෂු නුවරදී පැවැත්වෙයි.

දකුණු කොරියාවට එරෙහිව සෙනසුරාදා පැවැති පළමු තරගයේදී අගනා දස්කම් ප්‍රදර්ශනය කළ ජනිඳු ඩිල්ෂාන් උත්සාහක දිනුම් දෙකක් තැබූ අතර තරගයෙන් ලකුණු 28 - 05 ක ජයක් ශ්‍රී ලංකා පිලට හිමිවිය. කෙවින් ඩික්සන් සහ ජේසන් දිසානායක අනෙක් උත්සාහක දිනුම් දෙක තැබූහ. ඩිල්ෂාන්, ඩික්සන් සහ තිලිණ විජේසිංහ එම උත්සාහක දිනුම් වලට අතිරේක ලකුණු එකතු කළහ.

කොරියාව වෙනුවෙන් ග්වොන් මින් කිම් එකම උත්සාහක දිනුම ලබාගත්තේය.

පළමු තරගයේදී ලබාගත් ජවය එලෙසින්ම පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ දිනයේදීම චීන තායිපේ පිලට එරෙහිව පැවැති තරගයේදී 26-17 ක පහසු ජයක් ලබාගත්හ.

පළමු විනාඩිය ගතවීමටත් මත්තෙන් උත්සාහක දිනුමක් තැබූ කෙවින් ඩික්සන් ශ්‍රී ලංකා පිල ඉදිරියට තල්ලු කළේය. එහෙත් තායිපේ ක්‍රීඩක ලියා ටා මින්ග් ශ්‍රී ලංකා පිලේ ආරක්‍ෂක ක්‍රීඩකයන්ගෙන් මිදී ගොස් උත්සාහක දිනුමක් තැබූ හෙයින් ලකුණු තත්ත්වය 7-5 ක් විය. පසුව දෙපිලටම තවත් ගෝල දිනුම් දෙකක් වාර්තා වුවද විවේකය වන විට ශ්‍රී ලංකා පිල 14-12 ක් ලෙසින් ඉදිරියේ විය.

විවේකයෙන් පසුව ජේසන් දිසානායක සහ ජනිඳු ඩිල්ෂාන් තවත් උත්සාහක දිනුම් දෙකක් ලබාගත් නමුත් එයින් ප්‍රවර්තනය කළ හැකිවූයේ එකක් පමණි. චීන තායිපේ පිලට විවේකයෙන් පසුව ලැබුණු එකම උත්සාහක දිනුමත් සමගින් තරගය අවසන් වන විට ලකුණු තත්ත්වය 26-17 ක් විය.

මේ අතර කාන්තා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගි වූ තරග දෙකම පරාජය වූහ. හොං කොං පිල හමුවේ ලකුණු 22-7 කින් පරාජය වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මැලේසියාව හමුවේදීත් ලකුණු 20-5 කින් පරාජය වූහ.

..


අදහස් (0)

ශ්‍රී ලංකාවට පහසු ජයග්‍රහණ දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.