Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby විලියම් ගොපල්ලව කුසලාන විද්‍යාර්ථයට

විලියම් ගොපල්ලව කුසලාන විද්‍යාර්ථයට

editorial - 2019 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

විලියම්ගොපල්ලව කුසලානය සඳහා විද්‍යාර්ථ විදුහල සහ ආනන්ද විදුහල අතර 51 වැනි වරටත් පැවැති සුහද රග්බි තරඟයෙන්ලකුණු 38- 24 කපහසු ජයක් වාර්තා කිරීමට විද්‍යාර්ථ විදුහල සමත් විය. ඒ අනුව විලියම් ගොපල්ලව කුසලානය 28 වැනි වරටත් විද්‍යාර්ථය සතුවිය.

මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේදී අද (27 වැනිදා) පැවති මෙම තරගයේදි ජයග්‍රාහි විද්‍යාර්ථ පිල ගෝල දිනුම් 4ක් ද උත්සාහක දිනුම් 2 කින්ද ලකුණු රැස් කළේය.  ආනන්ද විදුහල ගෝල දිනුම් දෙකක් සහ උත්සාහක දිනුම් දෙකක් සමගින් ලකුණු රැස් කළේය.

තරගයේ ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 19 -05 ක් වශයෙන්විද්‍යාර්ථපිල ඉදිරියෙන් විය.

තරග විනිසුරු කැළුම් සඳරුවන් මහතා ගේ ප්‍රථම නලා හඬින් තරගය ආරම්භ වී 15 වැනි විනාඩියේදී විද්‍යාර්ථ විදුහලේ චිරන්ත කළුආරච්චි උත්සාහක දිනුමක් ලබාගත්තේය. එහි ප්‍රවර්තනය ඔහු විසින් ම සාර්ථක කර ගන්නා ලදී.

ඉන් විනාඩි 5 කට පසුනැවතත් ආනන්ද පිලේ ලකුණු සීමාව ආක්‍රමණය කිරීමට විද්‍යාර්ථ පිලේ කවිශ්ක කාවින්ද සමත් වූ අතර එහි ප්‍රවර්තනය චිරන්ත කළුආරච්චි විසින් සාර්ථක කර ගන්නා ලදී.

25 වැනි විනාඩියේදී ආනන්ද විදුහලේ සුදෙව් ප්‍රනාන්දු විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. ප්‍රථම අර්ධය නිමා වීමට විනාඩි පහක් තිබියදී විද්‍යාර්ථ පිලේරුක්ෂාන් වීරසිංහ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක වූ බැවින්ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 19 – 05 ක් වශයෙන්විද්‍යාර්ථ පිල ඉදිරියෙන් විය.

දෙවැනි අර්ධය ආරම්භ වි දෙවැනි විනාඩියේදී විද්‍යාර්ථ පිලේ සත්සර කළුගම්පිටිය විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. විනාඩි තුනකට පසු විද්‍යාර්ථ පිලේ පැතුම් ජයකොඩි විසින් උත්සාහක දිනුමක් වාර්තා කරන ලද අතර එහි ප්‍රවර්තනය චිරන්ත කළුආරච්චි විසින් සාර්ථක කර ගන්නා ලදී.

12 වැනි විනාඩියේදීආනන්ද විදුහලේ ලක්සිරි රවිහාර විසින්උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනයඅසාර්ථක විය. විසි හතර වැනි විනාඩියේදී ආනන්ද විදුහලේදක්ෂිණ ප්‍රසාද් විසින් නැවතත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතරඒ ප්‍රවර්තනයද අසාර්ථක විය.

28 වැනි විනාඩියේදී විද්‍යාර්ථ විදුහලේපැතුම් ජයකොඩි උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය චිරන්ත කළුආරච්චි විසින් සාර්ථක කර ගන්නා ලදී.

තරඟය නිමා වීමට මොහොතක් තිබිය දී ආනන්ද විදුහලේඅරෝෂ ගිම්හාන විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය භානුක මධුෂාන්විසින් සාර්ථක කර ගන්නා විට තරඟයේ අවසන් නළා හඬ නිකුත් වූ අතර ඒ වන විට ලකුණු 38 –24 කජයක් වාර්තා කරමින්මේ වසරේ විලියම් ගොපල්ලව ශූරතාවය විද්‍යාර්ථ විදුහල ට හිමිව තිබුණි.

.


අදහස් (0)

විලියම් ගොපල්ලව කුසලාන විද්‍යාර්ථයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.