Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මයිලෝ රග්බි ශූරතාව ඉසිපතනයට

මයිලෝ රග්බි ශූරතාව ඉසිපතනයට

editorial - 2019 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ෂේන් සෙනෙවිරත්න)

ශ්‍රී ලංකා පාසල් වයස අවුරුදු 16 න් පහළ පළමු පෙළ රග්බි තරඟාවලියේදී කොළඹ ඉසිපතන විදුහල විසින් ශූරතාවය දිනා ගන්නා ලදි. ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේ දී නෙස්ලේ ලංකා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්විණ.

තරගාවලියේ පහළ ශූරතාව කොළඹ ඩී. එස්. සේනානායක විදුහල විසින් දිනාගන්නා ලද අතර බඳුන ශූරතාව ගල්කිස්ස විද්‍යා විදුහල විසින් ද පහළ ශූරතාව පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය විසින් ද දිනා ගන්නා ලදි.

ශ්‍රී ලංකාවේ පළමු පෙළ රග්බි ක්‍රීඩා කරන පාසල් 30 ක සහභාගිත්වයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේ දී දින දෙකක් පුරා මෙම තරගාවලිය පැවැත්විණි.

ශූරතා අවසන් මහා තරගයට ඉසිපතන විදුහල සහ වෙස්ලි විදුහල සුදුසුකම් ලැබූ අතර එහිදී ඉසිපතන ක්‍රීඩකයන්ලකුණු 29 – 00 ක් වශයෙන් පරාජය කිරීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ.

ඉසිපතන විදුහල ගෝල දිනුම් දෙකක් සහ උත්සාහක දිනුම් තුනකින් ලකුණු රැස් කළේය.  ඉසිපතන විදුහල වෙනුවෙන් නිතින වික්‍රමාරච්චි උත්සාහක දිනුම් දෙකක්ද තේමිය වෙනුර සංගීත්සහ සූරිය දොඩන්වලයන ක්‍රීඩකයන් උත්සාහක දිනුම බැගින් ද වාර්තා කළහ.

පහළ ශූරතාවය සඳහා ත්‍රිත්ව විදුහලත් ඩී එස් සේනානායක විදුහලත් තරඟ වැදුණු අතර එහි දීලකුණු 12 – 05 ක ජයක් වාර්තා කරමින් පහළ ශූරතාව දිනා ගැනීමට ඩී. එස්. සේනානායක විදුහල සමත් විය.

බඳුන ශූරතාව සඳහා විද්‍යා විදුහලත් ලුම්බිණි විදුහලක් තරග වැදුන අතර එහිදී ලකුණු  43 – 05 ක පහසු ජයක් වාර්තා කරමින් බඳුන ශූරතාව දිනා ගැනීමට විද්‍යා විදුහල සමත් විය.

එහි පළිහ ශූරතාවය සඳහා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයත් කුරුණෑගල මලියදේව විදුහලත් තරඟ වැදුණු අතර එම තරඟයෙන් ලකුණු 10 – 00 ජයක් වාර්තා කළ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය ශූරතාව දිනා ගත්තේය.


අදහස් (0)

මයිලෝ රග්බි ශූරතාව ඉසිපතනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.