Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ධර්මරාජයට 14 - 13 ක තියුණු ජයක්

ධර්මරාජයට 14 - 13 ක තියුණු ජයක්

editorial - 2019 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

සිංගර් කුසලාන වයස අවුරුදු 19 න් පහළඅන්තර් පාඨශාලීය රග්බි තරගාවලියේ පලඟ ශූරතාවය සඳහා නිත්තවල ක්‍රීඩා පිටියේදී පැවති තරගයේදී  ඩී. එස්. සේනානායක විදුහල පරදවා ලකුණු 14 – 13 ක තියුණු ජයක් වාර්තා කිරීමට ධර්මරාජ විදුහල සමත් විය .

පළඟ ශුරතා තරගාවලියේ ආරම්භයේ සිටම ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටි ඩී. එස්. සේනානායක විදුහල ඉකුත් සතියේ කිංස්වුඩ් විදුහලත් සමඟ පැවති තරගය පරාජය වීමත් සමග ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්විය.

තරඟ ආරම්භයේ සිටම  ඩී. එස්. සේනානායක විදුහලට ප්‍රබල සටනක් දුන් ධර්මරාජ පිල ගෝල දිනුම් දෙකක් සමගින් ලකුණු රැස් කළ අතර ඩී. එස්. සේනානායක විදුහල උත්සාහක දිනුම් දෙකක්  සහ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු රැස් කළේය. ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 5 -0  වශයෙන් ඩී එස් සේනානායක විදුහල ඉදිරියෙන් විය.

තරග විනිසුරු ප්‍රනීත් වෙරංග මහතාගේ ප්‍රථම නලා හඬින් තරගය ආරම්භ වි 10 වැනි විනාඩියේදී ඩී. එස් සේනානායක විදුහලේසාරංග උඩවත්ත විසින්උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනයඅසාර්ථක විය .

දෙවැනි අර්ධය ආරම්භවී  පහළොස් වැනි විනාඩියේදී ඩී එස් සේනානායක විදුහලේ එන්. එස්. සිද්දික්විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද අසාර්ථක විය .

තරගයේ 28  වැනි විනාඩියේදීධර්මරාජ ක්‍රීඩකයන් ඩී එස් සේනානායක ලකුණුසීමාව ආසන්නයේ  ක්‍රීඩාකරමින්සිටියදී ඩී. එස්. ක්‍රීඩකයන්ගේ අන්තරායකාරී ක්‍රීඩා විලාශයක් හේතුවෙන්දඬුවම් ගෝල දිනුමක්ධර්මරාජ පිලට පිරිනැමීමට විනිසුරුවරයා තීරණය කළේය .

තරඟයේ 32 විනාඩියේදී ධර්මරාජ ක්‍රීඩකයන් තහනම් කලාපයට පැමිණීම හේතුවෙන්මීට 40 සීමාවේදී ඩී එස් පිලට පිරිනැමුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමටසාරංග උඩවත්ත සමත්විය .

තරගය නිමා වීමට මොහොතක් තිබියදීධර්මරාජ ක්‍රීඩකයන්ප්‍රතිවාදී ලකුණු සීමාවේ බොහෝ වේලාවක් රැඳෙමින් ප්‍රතිවාදීන් තල්ලු කරමින්ගොස් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර චනිදු අබේරත්න  විසින් වාර්තා කරන ලද එම ජයග්‍රාහි උත්සාහක දිනුම සෞම්‍ය විජේසිරි විසින් ගෝල දිනුමක් බවට පත් කරන ලදි.

 තරගයේ අවසන් නලා හඬ නිකුත් වන විට ලකුණු 14 – 13 කජයක් ධර්මරාජ විදුහල විසින් වාර්තා කොට තිබුණි .


අදහස් (0)

ධර්මරාජයට 14 - 13 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.