Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අපරාජිත මහනුවර පෙරමුණේ සිට ඉදිරියට

අපරාජිත මහනුවර පෙරමුණේ සිට ඉදිරියට

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතියේ තරග අවසානයේ මහනුවර ක්‍රීඩා සමාජය සුපුරුදු පරිදි අපරාජිතව පෙරමුණ රැකගැනීමට සමත්ව සිටියේය. මහනුවර පිල මේ වන විට තරග හයම ජය ලබා අතිරේක ප්‍රසාද ලකුණු හයක් ද සමගින් සම්පූර්ණ ලකුණු 36 ක් රැස්කරගෙන තිබේ.

පළමු වටයේ හත්වැනි සතියේ තරග අද (21) ආරම්භ වන අතර මහනුවර පිල සහ නාවික හමුදා පිල අතර තරගය ලබන ඉරිදා වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  

හයවැනි සතියේ තරග ආරම්භ වන විට හත්වැනි ස්ථානයේ පසුවූ පොලිස් පිල ලකුණු 41-19 කින් යුද හමුදා පිල පරාජය කරමින් අතිරේක ප්‍රසාද ලකුණ ද ලබමින් පස්වැනි ස්ථානය දක්වා උසස් වීම් ලැබීය. පස්වැනි ස්ථානයේ සිටි යුද හමුදාව හත්වැනි ස්ථානයට දක්වා පහත වැටුණි.  


හත්වැනි සතියේ තරග කාලසටහන
● 23 වැනිදා - සී. එච්. පිල සහ පොලිස් පිල අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී
● 23 වැනිදා - මහනුවර පිල සහ නාවික පිල අතර වැලිසර නාවික හමුදා  පිටියේදී
● 23 වැනිදා - ගුවන් හමුදා පිල සහ හැව්ලොක්ස් පිල අතර රත්මලාන ගුවන් හමුදා පිටියේදී

 

 


අදහස් (0)

අපරාජිත මහනුවර පෙරමුණේ සිට ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.