Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Records වසරේ දක්ෂතම යතුරුපැදි ක්‍රීඩකයා ජාක්

වසරේ දක්ෂතම යතුරුපැදි ක්‍රීඩකයා ජාක්

ශානුක අරවින්ද - 2020 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනය සංවිධානය කළ යතුරුපැදි ජාතික සම්මාන උළෙලේදී 2019 වසරේ දක්ෂතම යතුරපැදි ක්‍රීඩකයා ලෙස ජාක් ගුණවර්ධන සම්මාන දිනාගත්තේය. මෙම සම්මාන උළෙල, ඉකුත් වසර තුළ දස්කම් දැක්වූ යතුරුපැදි ක්‍රීඩකයන් ඇගයීම වෙනුවෙන් පසුගිය සති අන්තයේදී කටුනායක ඊගල් ලැගූන් හෝටලයේදී පැවැත්විණ.  

බොරළු සහිත ධාවන පථවල පැවැති නරියාකන්ද සුපර් ක්‍රොස්, කමාන්ඩෝ සුපර් ක්‍රොස්, වලව සුපර් ක්‍රොස් සහ ගනර්ස් සුපර් ක්‍රොස්, නුවරඑළිය මොටෝ ක්‍රොස්, විජයබා මොටෝ ක්‍රොස් සහ සැපර්ස් මොටෝ ක්‍රොස් යන තරගාවලි වලදී මෙන්ම තාර ඇතිරූ ධාවන පථවල පැවැති රොදර්හැම් කටුකුරුන්ද, මොබිල් වන් කටුකුරුන්ද සහ මීරිගම කැන්වේ ඔටෝ ඩ්‍රෝම් යන තරගාවලි වලදී ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්කෙරිණ.

ඉකුත් වසර තුළ පැවැති සුපර් ක්‍රොස් තරගාවලි 10 ක එම්.එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) මොටෝ ක්‍රොස් යතුරුපැදි තරග 21 කට සහභාගි වූ ජාක්, එහිදී පළමු ස්ථාන 11 ක්, දෙවැනි ස්ථාන 6 ක්, තෙවැනි ස්ථාන 2 ක් හිමිකර ගනිමින් වසරේ දක්ෂතම යතුරුපැදි ක්‍රීඩකයා බවට පත්විය. ඔහුට පළමු ස්ථාන 3 න් එකක් හිමිකර ගැනීමට නොහැකි වූයේ තරග දෙකකදී පමණි.

ජාක්ට අමතරව බොරළු සහිත ධාවන පථවල පැවැති තරග වලදී දැක්වූ දස්කම් පදනම් කරගනිමින් කේසර ගොඩගේ, මධුර පීරිස්, ශානුක සඳරුවන් සහ දේෂාන් සොලංකිද, තාර ඇතිරූ ධාවන පථවල පැවැති තරග වලදී දැක්වූ දස්කම් පදනම් කරගනිමින් ස්ටෙෆාන් ප්‍රනාන්දු, හංසිකා අබේසිංහ, නිපුන් ඩිලංක සහ දුෂාන් මුදලිගේද එහිදී සම්මාන දිනාගත්හ.

ජාක්ගෙන් පසුව ඉකුත් වසරේදී වැඩිම තරග සංඛ්‍යාවක් ජයගත් ක්‍රීඩකයා බවට පත්වීමට ලාබල ක්‍රීඩක කේසර ගොඩගේ සමත් විය. ඒ තරගාවලි 10 ක ජේ.එම්.එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 150 දක්වා) මොටෝ ක්‍රොස් යතුරුපැදි තරග 12 කදී පළමු ස්ථාන 9 ක් සහ දෙවැනි ස්ථාන 2 ක් හිමිකර ගනිමිනි. ඒ අනුව බොරළු සහිත ධාවන පථවලදී ඉහළම ජයග්‍රාහී ප්‍රතිශතයක් (75%) ක් රඳවාගත් ක්‍රීඩකයා බවටද කේසර පත්විය.

ඉකුත් වසර තුළ තාර ඇතිරූ ධාවන පථවල පැවැති තරග වලදී ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩකයා ලෙස දුෂාන් මුදලිගේ හැඳින්විය හැකිය. මාර්ග මෝටර් රථ තරගාවලි 4 ක සහ කඳු තරණ 2 ක එස්.එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරග 6 කට සහභාගි වූ දුෂාන්, ඉන් තරග 5 ක්ම ජයගැනීමට සමත් වූයේ සිය ජයග්‍රාහී ප්‍රතිශතය 83% ක් ලෙස රඳවාගනිමිනි.

ප්‍රවීණ යතුරුපැදි ධාවක ෆේරෝස් ඔමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන 9 ක් පිරිනැමුණ අතර එහිදී ජාත්‍යන්තර ජයග්‍රහණයක් වෙනුවෙන් විශේෂ පදක්කම් 4 ක් පිරිනැමීමටද සංවිධායකයෝ කටයුතු යොදා තිබිණ. 2019 වසරේදී පැවැති ‘ඒෂියා කප් ඔෆ් රෝඞ් රේසිං’ තරගාවලියේදී ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානය දිනාදීම වෙනුවෙන් හංසිකා අබේසිංහ, රිෂිත ප්‍රෂාන්, නිඛිල පතිරගේ සහ විනුල පතිරගේ යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එම පදක්කම් හිමිකරගත්හ.
 

බොරළු සහිත ධාවන පථවලදී පැවැති තරග සඳහා පිරිනැමුණ සම්මාන

■    ජේ.එම්.එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්ව (අවුරුදු 15 න් පහළ) - කේසර ගොඩගේ
■    එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද ස්ටී්‍රට් ටේ්‍රල් යතුරුපැදි ඉසව්ව - මධුර පීරිස්
■    එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද ස්ටී්‍රට් ටේ්‍රල් යතුරුපැදි ඉසව්ව - ශානුක සඳරුවන්
■    එස්.එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 250 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ඉසව්ව - දේෂාන් සොලංකි
■    එම්.එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්ව - ජාක් ගුණවර්ධන
තාර ඇතිරූ ධාවන පථවලදී පැවැති තරග සඳහා පිරිනැමුණ සම්මාන
■    එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 100 සිට 125 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි ඉසව්ව - ස්ටෙෆාන් ප්‍රනාන්දු
■    ඕ. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 160 දක්වා) සාමාන්‍ය යතුරුපැදි ඉසව්ව - හංසිකා අබේසිංහ
■    එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි ඉසව්ව - නිපුන් ඩිලංක
■    එස්.එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ඉසව්ව - දුෂාන් මුදලිගේ


අදහස් (0)

වසරේ දක්ෂතම යතුරුපැදි ක්‍රීඩකයා ජාක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.