Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Records ධම්මිකා මැණිකේගේ වාර්තාව දිල්ෂි බිඳ දමයි

ධම්මිකා මැණිකේගේ වාර්තාව දිල්ෂි බිඳ දමයි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස පිටියේ නව කෘතීම ධාවන පථයේදී මීටර 800 - කාන්තා ඉසව්වේ වසර 29ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාව බිඳ දමමින් එහි වයස 20න් පහළ බාලිකා කාණ්ඩයේ ඉසව්ව ජයගැනීමට වලල ඒ. රත්නායක මැදි විදුහලේ දිල්ෂි සාමලී කුමාරසිංහ සමත් වූවාය.

ජේ. අනීතා - (23න් පහළ කාන්තා රිටි පැනීම)

දිල්ෂි මීටර 800 - වයස 20න් පහළ - බාලිකා ඉසව්ව විනාඩි 2 තත්පර 09.13කට නිමාකරන විට එහි වසර 14ක් පැරණි (වයස් කාණ්ඩ) වාර්තාව ද බිඳ වැටී තිබුණි.

 1989 දී එවකට ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ ශිෂ්‍යාවක් ලෙස විනාඩි 2 තත්පර 10.50කට මීටර් 800 - කාන්තා ඉසව්වේ කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී ධම්මිකා මැණිකේ පසුව එහි ජාතික ශූරිය ලෙසත් වසර 23ක්ම ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවාය.

සුගතදාස පිටියේ නව කෘත්‍රීම ධාවන පථය විවෘත කිරීමෙන් පසුව පැවති පළමු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා නව වාර්තාවක් බිහිකිරීමට එහි එතෙක් ද ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී යාපනයේ ජෙගනීෂ්වරන් අනීතා සමත් වූවාය. ඒ මීටර 3.55ක දක්‍ෂතාවක් දක්වමිනි.

ඒ අතර ඊයේ දක්ෂතා අතර උස පැනීම වයස 23න් පහළ පිරිමි ඉසව්වේදී ගම්පහ එච්.ටී.යූ.ටී. පෙරේරා මීටර 2.20ක දක්‍ෂතාවක් දැක්වීම ද ඊයේ දිනයේදී ක්‍රීඩකයකුගේ වඩාත් ප්‍රගතියක් අත්කර ගත් දක්‍ෂතාවයක් විය.තරගාවලියේ දෙවැනි දිනය වන අද (24) දිනයේදී ඉසව් අවසන් තරග 44ක් පැවැත්වීමට නියමිතය.

ජාතික කනිෂ්ඨ මලල කි්‍රීඩා තරගාවලියේ ඊයේ (23) පළමු දිනයේ නව වාර්තා

● රිටි පැනීම- (වයස 23 න් පහළ -කාන්තා):-
 ජෙගනීෂ්වරන් අනීතා (යාපනය- මීටර 3.55-නව ශ්‍රී ලංකා වාර්තාවකි)

● උස පැනීම- (වයස 23න් පහළ -පිරිමි):-
 එච්.ටී.යූ.ටී. පෙරේරා (ගම්පහ- මීටර 2.20- නව වාර්තාවකි, රොෂාන් ධම්මික
රත්නසිරි (යුද හමුදා මීටර 2.15- පැරණි වාර්තාව සම කර ඇත.)

● දුර පැනීම- (වයස 16 න්පහළ -බාලක):- 
හිරුෂ හෂේන් (බම්බලපිටිය-ශාන්ත පීතර විදුහල- මීටර7.06)

● යගුලිය විසි කිරීම- (වයස 16න් පහළබාලිකා):- 
ඔවිනි චන්ද්‍රසේකර (කොළඹ ෂොප් විදුහල- මීටර11.91)

● කවපෙත්ත විසිකිරීම- (වයස 16න්පහළ -බාලක):- 
රුමේෂ් තරංග (බම්බලපිටිය න්ත පීතර විදුහල මීටර 55.34)

● මීටර 800 (වයස 20න් පහළ -බාලිකා)
සාමලි කුමාරසිංහ (වලල ඒ. රත්නායක මැදි දුහල- විනාඩි 2 තත්ත්පර 09.13)

● රිටි පැනීම- වයස 18න් පහළ-බාලිකා):- 
එන්.දක්‍ෂිතා (චාවකච්චේරිය හින්දු විදුහල- මීටර3.02-නව වාර්තාවකි)

● මීටර 10000- (වයස 23 න් පහළ-පිරිමි):-
එම්.එම්.ජී.ඩී.පී. ජයසිංහ (යුද හමුදාව- විනාඩි33 තත්ත්පර 50.84)

 

බී.එස්.ආර්.ටී. බුලුගහපිටිය - (23 න් පහළ පිරිමි මීටර 800)

කේ.ජී.සී. ක්‍රිෂාන්ත - (18 න් පහළ පිරිමි මීටර 800)

පී.එන්.ජී. මධුෂිකා - (23 න් පහළ කාන්තා මීටර 200)

 

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

ධම්මිකා මැණිකේගේ වාර්තාව දිල්ෂි බිඳ දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.