Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Records රුමේෂිකාගේ වාර්තාවකුත් දිල්ෂි බිඳ දමයි

රුමේෂිකාගේ වාර්තාවකුත් දිල්ෂි බිඳ දමයි

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

මීටර් 1500 වයස 18න් පහළ බාලක තරගය ජයගත් කෑගල්ල රන්දිවෙල මහ විදුහලේ ධම්මික විජයසූරිය. 

පසුපසින් සිටින්නේ දෙවැනි ස්ථානයට පත් පී. එච්.එම්.දසුන්ය 

සුගතදාස පිටියේදී දැන් පැවැත්වෙන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (25) තෙවැනි දිනය නව වාර්තා තුනකට පමණක් සීමා විය. එයින් ද දෙකක් වාර්තා වූයේ මූලික වටයේ තරගවලදී විම කැපී පෙනුණි.

 මෙම තරගාවලිය අද (26) නිමාවට පත්වන අතර දින තුනක් පුරා ඊයේ දිනය නිමා වනවිට එක් නව ශ්‍රී ලංකා වාර්තාවක් ඇතුළුව නව තරග වාර්තා 21ක් වාර්තා වී තිබුණි.

 ඒ අතර පැරැණි වාර්තාව සමකළ අවස්ථා දෙකක් ද ඊයේ දිනය නිමාවේදී සටහන් වී තිබුණි. ඊයේ ඉසව් අවසන් තරගයකදී වාර්තා වූ එකම නව වාර්තාවට හිමිකම් කී රුමේෂ් තරංග ඒ බිඳ දැමුවේ වසර 17ක් පැරැණි වාර්තාවකි.

 නාලන්දා විදුහලේ අයි.ඒ. පනාගම වසර 2001 දී මීටර 62.27කට පිහිටුවා තිබූ එහි වාර්තාව එලෙස රුමේෂ් තරංග අතින් බිඳ වැටුණි.
 පසුගිය වසරේදී මීටර 400 - වයස 18න් පහළ - බාලක ඉසව්වේ පිහිටුවා තිබූ තරග වාර්තාව තත්ත්පර 48.87 කි. එය මෙවර මූලික වටයේදී බිඳ වැටීම කැපි පෙනේ.

 ඒ අතර ධම්මිකා මැණිකේ වසර 29කට පෙර පිහිටුවා තිබූ මීටර 800 - වයස 20න් පහළ බාලිකා වාර්තාව බිඳ දැමූ වලල ඒ රත්නායක මැදි විදුහලේ දිල්ෂි ශ්‍යාමලි කුමාරසිංහ මෙම තරාගවලියේදී තවදුරටත් අවධානය දිනා ගනිමින් ඊයේ දිනයේදී මීටර 400 - වයස 20න් පහළ - බාලිකා ඉසව්වේ මූලික වටයේදීම එහි නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය.

එහිදීම වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සචිනි දිව්‍යාංජලී තත්ත්පර 56.08කට එහි පැරැණි වාර්තාව සම කරමින් දස්කම් දැක්වීමට සමත්වීමත් කැපි පෙනුණි.

 එහි පැරැණි වාර්තාවට හිමිකම් කීවේ මේ වනවිට ජාතික ශූරියක් ලෙස දස්කම් දක්වන එකල කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහලේ ශිෂ්‍යාවක් ලෙස පාසල් පිටියේ දස්කම් දැක්වූ රුමේෂිකා රත්නායකයි. ඇය නොබෝදා ‘ගෝල්ඞ් කෝස්ට්’ නුවරදී නිමාවට පත්වූ 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ද සහභාගී වූවාය.

මෙවර තරගාවලියේ වෙනත් දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ රුමේෂ් තරංග කැපී පෙනේ. මෙවර ද්විත්ව නව වාර්තාලාභියකු බවට පත්ව සිටින ඔහු එහිදී කවපෙත්ත විසිකිරීම හා හෙල්ල විසිකිරීම - වයස 16න් පහළ - බාලක ඉසව් දෙකෙන්ම නව වාර්තා පිහිටුවීමට සමත්විය.

 ඒ අතර දිල්ෂි කුමාරසිංහ ද මෙවර ක්‍රීඩිකාවන් අතරින් නව වාර්තා දෙකකට ඊයේ වනවිට හිමිකම් කීහ.

යාපනය ජෙගනීෂ්වරන් අනිතා ඊයේ වනවිටත් මුළු තරගාවලිය පුරා එකම නව  ශ්‍රී ලංකා වාර්තාවට රිටි පැනීම ඉසව්වෙන් හිමිකම් කී අතර ඒ හැරෙන්නට ඒ වනවිට ජාතික කනිෂ්ඨ නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් ද බිහිවී තිබුණි.

මීටර 800 - වයස 20න් පහළ - බාලිකා දිල්ෂි කුමාරසිංහ හා රිටි පැනීම වයස - 20න් පහළ - බාලක ඒ. පුවිතරන් එම නව කනිෂ්ඨ ජාතික වාර්තා දෙකට හිමිකම් කීහ. ඒ අනුව සුගතදාස පිටියේ කෘත්‍රිම නව ධාවන පථය විවෘත කර පළමු වරට එහි පැවැති මලල ක්‍රීඩා තරගාවලිය ලෙස මෙවර ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඉතිහාසයට එක්වේ.

 එහිදී නව කෘත්‍රිම ධාවන පථයේ පළමු තරගාවලියේදී බිහිවී තිබෙන නව වාර්තා ගණන අටකි. ඒ අතර මීටර 400 - වයස 20න් පහළ - බාලක ඉසව්වේදී ක්‍රීඩකයන් සිවුදෙනකුම තත්ත්පර 48ක් නොඉක්මවා ධාවනය අවසන් කිරීම එම ඉසව්වේ පළමු වතාවට වාර්තා වූ දස්කමකි.

 අද (26) සිවුවැනි දිනයේදී තරගාවලිය නිමාවට පත්වන්නේ තවත් ඉසව් අවසන් තරග 35ක් පවත්වා අවසන් කිරීමෙනි. මෙම තරගාවලියට සහභාගී වී සිටින පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ හා වලල ඒ. රත්නායක මැදි විදුහලේ සිසු සිසුවියන් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව තරග වාර්තා තුනක් බැගින් ඒ වනවිට පිහිටුවීමට සමත්ව සිටීම කැපී පෙනේ.

ඒ අතර උතුරු පළාත් යාපනය ප්‍රදේශයේ පාසල්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ රිටි පැනීමේ දස්කම් මෙවරත් ඉහළ අවධානයට යොමුවිය.

 

මීටර් 1500 වයස 20න් පහළ බාලක තරගයේ අවදස්ථාවක්.... මාතල රාහුල විදුහලේ පූර්ණ සඳමින් හා වළලයේ මැදි විදුහලේ කේ.ඒ.කේ. මධුෂංක අතර තියුණු සටනක්. ජයග්‍රාහකයා වූයේ පූර්ණ සඳමිත්ය.

සුමුදිකා හේරත්

එම්.එල්.සී ගුණරත්න 

ඡායාරූප  ශාන්ත රත්නායක


අදහස් (0)

රුමේෂිකාගේ වාර්තාවකුත් දිල්ෂි බිඳ දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.