Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ජානක දුර පැනීමේ 7 වැනි තැනට

ජානක දුර පැනීමේ 7 වැනි තැනට

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දුර පැනීමේ ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ජානක විමලසිරි එහි 7 වැනි ස්ථානයට පත්විය.

තරගාවලියේ හත්වැනි දිනය වන අද (11 වැනිදා) පැවති දුර පැනීමේ අවසන් මහ තරගයේ තෙවැනි උත්සාහයේදී වාර්තා කළ මීටර 7.89 ක දුර ජානකගේ ඉහළම දක්ෂතාව ලෙස සටහන් විය. එහිදී ඔහු දැරූ උත්සාහයන් 6 න් 3 ක්ම අසාර්ථක වූ අතර සෙසු උත්සාහයන් තුනේදී මීටර් 7.52 ක, 7.82 ක සහ 7.50 ක දුර පැනීමට ජානක සමත් විය.

ජානක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ සුදුසුකම් ලබාගැනීමේ වටයේදී මීටර් 7.84 ක දුරක් පනිමිනි.
දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට දකුණු අප්‍රිකාවේ ලූවෝ මැන්යොංගා (මීටර 8.41) සමත් වූ අතර ඕස්ට්‍රේලියාවේ හෙන්රි ෆ්‍රයින් (මීටර 8.33) එහි රිදී පදක්කම දිනාගත්තේය. දකුණු අප්‍රිකාවේ රුස්වැල් සමායි මීටර 8.22 ක උසන් පනිමින් ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.


- 036

 


අදහස් (0)

ජානක දුර පැනීමේ 7 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.