Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports “කැළණි නදී සටන“ අද සහ හෙට

“කැළණි නදී සටන“ අද සහ හෙට

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ ප්‍රධානතම පාසල් දෙකක් වන යටියන්තොට ඇන්.ඇම්. පෙරේරා මධ්‍ය මහ විද්‍යාලය හා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විද්‍යාලය අතර පැවැත්වෙන “කැළණි නදී සටන“ හත්වැනි වරටත් යටියන්තොට වින්සන්ට් පෙරේරා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. 

වසර හයක් තුළ පැවැත්වූ මහා ක්‍රිකට් තරගාවලියේ තරග තුනක ජය සනිටුහන් කර තිබුනේ යටියන්තොට ඇන්.ඇම්. පෙරේරා මධ්‍ය මහ විද්‍යාලයයි. තරග දෙකක ජය සනිටුහන් කර තිබුණේ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විද්‍යාලයයි. එක් තරගයක් ජය පරාජයකින් තොරව අවසන් විය.  

මෙවර පාසල් දෙකෙහිම සමබර කණ්ඩායම් දෙකක් තරග වදින අතර තියුණු තරගාවලියක් බලාපොරොත්තුවෙයි.

යටියන්තොට ඇන්.ඇම්. පෙරේරා පාසල් කණ්ඩායමේ නායකත්වය දරන්නේ එම්. ගයාන් මධුසංඛ වන අතර පුහුණුකරු ලෙස එම්.ඒ.කේ. ලක්රුවන් මහතා ක්‍රියා කරයි.

රුවන්වැල්ල මධ්‍ය මහ විද්‍යාලයේ නායකයා ලෙස කේ.ජී. අරුනෝද් නිශ්ශංක කටයුතු කරන අතර පුහුණු කරු ලෙස එච්.පී.ටී.පී. ආනන්ද ක්‍රියා කරයි.

යටියන්තොට ඇන්.ඇම්. පෙරේරා මධ්‍ය මහ විද්‍යාලීය කණ්ඩායම

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විද්‍යාලීය කණ්ඩායම

 


අදහස් (0)

“කැළණි නදී සටන“ අද සහ හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.