Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ‘ස්පීඩ් රන්ස්’ වි-මෝටර් රථ තරග මාතරදී

‘ස්පීඩ් රන්ස්’ වි-මෝටර් රථ තරග මාතරදී

ශානුක අරවින්ද - 2020 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැන්ඩරින් රේඩ් පුද්ගලික සමාගම සහ ලංකා මෝටර් රථ ක්‍රීඩා සමාජය (සිලෝන් මෝටර් ස්පෝට්ස් ක්ලබ්) එක්ව පළමු වරට සංවිධානය කරන ‘ස්පීඩ් රන්ස්’ ඊ-ක්‍රීඩා ශූරතාවලියේ (විද්යුත් මෝටර් රථ තරග) පළමු අදියර මේ මස 11 වැනිදා මාතර සනායා මැන්සන් හෝටලයේදී පැවැත්වේ.

මූලික වටයේදී අදියර 4 කින් සමන්විත මෙම තරගාවලියේ දෙවැනි අදියර පෙබරවාරි මාසයේ කොළඹදීද, තෙවැන්න මාර්තු මාසයේ මහනුවරදීද, සිවුවැන්න අප්‍රේල් මාසයේදී යාපනයේදීද පැවැත්වෙන අතර එහි අවසන් මහ තරගය මැයි මස කොළඹදී පැවැත්වීමට නියමිතය.

පරිගණක ආශ්‍රයෙන් කෙරෙන මෝටර් රථ පැදවීමේ තරගාවලියක් වන මෙම තරගාවලියේදී තරගකරුවන්ට කිලෝ මීටර් 3.1 ක දුරකින් සමන්විත ජාත්‍යන්තර මට්ටමේ සුසුකා ධාවන පථයකදී මර්සිඩීස් බෙන්ස් ජී.ටී.3 මාදිලියේ මෝටර් රථයක් හැසිරවීමට සිදුවනු ඇත. මෙම මෝටර් රථය හැසිරවීම (පදවාගෙන යාම) පරිගණක තිරයක් මතදී කෙරෙන්නකි.

මූලික අදියර හතරේදී ඉහළ දස්කම් දක්වන ක්‍රීඩකයන් දෙදෙනා බැගින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්නා අතර අවසන් මහ තරගයේදී අඩුම කාලයකදී තරගය නිමා කරන තරගකරුවා ජයග්‍රාහකයා බවට පත් වනු ඇත.

පරිගණක ක්‍රීඩා සඳහා ඇල්මක් දක්වන ඕනෑම අයකුට මෙම ශූරතාවලිය සඳහා සහභාගි විය හැකි අතර ඒ සඳහා  ලංකා මෝටර් රථ සමාජයේ සාමාජිකයන් රුපියල් 1500 ක මුදලක්ද, සාමාජිකයන් නොවන පුද්ගලයන් රුපියල් 2500 ක මුදලක්ද ඇතුළත් වීමේ ගාස්තු ලෙස ගෙවිය යුතුය.

මෙම ශූරතාවලියේ ජයග්‍රාහකයන් එහි ලෝක වාර්තාව (වටයක් නිමා කිරීමේ කාලය විනාඩි 1 යි තත්ත්පර 57) ආසන්නයට පැමිණීමට සමත්කම් දැක්වුවහොත් ඔවුන් ඉදිරියේදී පැවැත්වෙන ලෝක ‘ස්පීඞ් රන්ස්’ ශූරතාවලි සඳහා සහභාගි කරවීමට බලාපොරොත්තුවන බවද සංවිධායකයෝ පවසති.


අදහස් (0)

‘ස්පීඩ් රන්ස්’ වි-මෝටර් රථ තරග මාතරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.