Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හොකී සැණකෙළිය 28 දා

හොකී සැණකෙළිය 28 දා

ශානුක අරවින්ද - 2019 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ත්‍රිත්ව, ගල්කිස්ස සාන්ත තෝමස් සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ආදි සිසුන් එක්ව 5 වැනි වරටත් සංවිධානය කරන සත් සාමාජික හොකී සැණකෙළිය මේ මස 28 වැනිදා පෙරවරු 8.00 සිට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවට ක්‍රීඩකයන් රැසක් දායද කළ මෙම විදුහල් තුන අතර පවතින සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම හොකී සැණකෙළිය වාර්ෂිකව සංවිධානය කෙරේ. මෙහි සමාරම්භක තරගාවලිය 2015 වසරේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

මෙම තරගාවලිය කාණ්ඩ 6 ක් යටතේ පැවැත්වෙන අතර එහිදී අවුරුදු 14 න් පහළ, අවුරුදු 16 න් පහළ, අවුරුදු 19 න් පහළ, අවුරුදු 20 ත් 30 ත් අතර, අවුරුදු අවුරුදු 30 ත් 40 ත් අතර සහ අවුරුදු 40 න් ඉහළ යන වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වේ.

ඉකුත් වසරේ (2018) පැවැති තරගාවලියේදී අවුරුදු 16 න් පහළ, අවුරුදු 20 ත් 30 ත් අතර, අවුරුදු අවුරුදු 30 ත් 40 ත් අතර සහ අවුරුදු 40 න් ඉහළ ශූරතා දිනාගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය. එවර අවුරුදු 19 න් පහළ ශූරතාව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල විසින්ද, අවුරුදු 14 න් පහළ ශූරතාව ත්‍රිත්ව විදුහල විසින්ද දිනාගනු ලැබිණි.

තරගාවලියේ සමාරම්භක උත්සවය ශාන්ත පීතර විදුහලේ හිටපු කැපීපෙනෙන ක්‍රීඩකයකු වූ දිනේෂ් කැකුල්තොට මහතාගේ ප්‍රධානත්වයෙන් 28 වැනිදා පෙරවරු 8.00 සිට පැවැත්වෙන අතර සමාප්ති උත්සවය විදුහල් තුනේ විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පස්වරු 5.00 සිට පැවැත්වේ.

 


අදහස් (0)

හොකී සැණකෙළිය 28 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.