Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හැව්ලොක්ස් ක්‍රීඩකයෝ හයවැනි ජය ලබති

හැව්ලොක්ස් ක්‍රීඩකයෝ හයවැනි ජය ලබති

ශනුක අරවින්ද - 2018 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ තරග අවසන් කරමින් රත්මලාන ගුවන් හමුදා පිටියේදී ඊයේ (23) පැවැති තරගයේදී හැව්ලොක්ස් පිල ලකුණු 31-25 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් විය.

මෙය හැව්ලොක්ස් පිල මෙවර තරගාවලියේ ලැබූ හයවැනි ජය වේ. 

ගුවන් හමුදා ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 22-21 ක් ලෙස පෙරමුණේ පසුවූහ.

පළමු අර්ධයේ හත්වැනි මිනිත්තුවේදී චාල්ස් ප්‍රවීන් සම්පූර්ණ කළ උත්සාහක දිනුමට ගයන්ත ඉද්දමල්ගොඩ අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ගුවන් හමුදා පිල ලකුණු 7-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.

ගුවන් හමුදා පිලට සුදත් බණ්ඩාර 10 වැනි මිනිත්තුවේදී එකතු කළ උත්සාහක දිනුමෙන් ලකුණු පුවරුව 12-0 ක් බවට පත්විය.

ලින්ස්ටන් සිල්වා ඉන් මිනිත්තු හතරකට පසුව හැව්ලොක් පිල ඉදිරියෙන් පැවැති බිංදුව මකා දමමින් උත්සාහක දිනුමත් සම්පූර්ණ කළේය. ප්‍රින්ස් චාමර එයට අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 12-7 ක් බවට පත්විය.

ගුවන් හමුදා පිලට 18 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර ගයන්ත ඉද්දමල්ගොඩ සාර්ථක කිරීමත් සමඟ ලකුණු පරතරය අටක් බවට පත්විය.

හැව්ලොක්ස් පිලේ සිතුම් පීරිස් 21 වැනි මිනිත්තුවේදී ගෝල කණු අතර තැබූ පන්දුවට ප්‍රින්ස් චාමර අතිරේක ලකුණු මුසුකිරීමෙන් ලකුණු පුවරුව 15-14 ක් පරිවර්ථනය විය.

චාමර දාබරේ 32 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම ප්‍රින්ස් චාමර ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ හැව්ලොක්ස් පිල ලකුණු 21-15 ක් ලෙස පළමු වරට ඉදිරියට පැමිණියේය.

චාල්ස් ප්‍රවීන් මිනිත්තුවක් ගතවීමට පෙර ක්‍රියාත්මක වෙමින් සිය දෙවැනි උත්සාහක දිනුම ගුවන් හමුදා පිලට එකතු කළ අතර ගයන්ත ඉද්දමල්ගොඩ අතිරේක ලකුණු දෙක එකතු කිරීමෙන් ගුවන් හමුදාව ලකුණතින් ඉදිරියට පැන්නේය.

ගයන්ත ඉද්දමල්ගොඩ දෙවැනි අර්ධයේ හයවැනි මිනිත්තුවේදී තවත් දඩුවම් පහරක් සාර්ථක කරමින් ගුවන් හමුදා පිලේ වාසිය ලකුණු හතරක් බවට පත්කළේය.

අෂ්මීර් ෆජුඩීන් දෙවැනි අර්ධයේ 11 වැනි මිනිත්තුවේදී ගෝල සීමාව ආක්‍රමණය කිරීමත් සමඟ හැව්ලොක්ස් පිල නැවතත් පෙරමුණට පැමිණියේය. ප්‍රින්ස් චාමර අටවැනි අතිරේක ලකුණ එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 28-25 ක් බවට පත්විය.

හැව්ලොක්ස් පිලේ ප්‍රවර්ථකයා වන ප්‍රින්ස් චාමර 35 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු 31-25 ක් බවට පත්කළේය.   


අදහස් (0)

හැව්ලොක්ස් ක්‍රීඩකයෝ හයවැනි ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.