Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හර්ෂණ තිලකරත්න ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වයට

හර්ෂණ තිලකරත්න ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වයට

editorial - 2020 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

ඔක්තෝබර් මාසය මුලදී පැවැති ලෝක චෙස්  සම්මේලනයේ සභාරැස්වීමේදී ශ්‍රී ලංකාවේ හර්ෂණ තිලකරත්නට ‘ඉන්ටර්නැෂනල් මාස්ටර්‘ තත්ත්වය පිරිනමා ඇත.

වසර 2013 දී ශ්‍රී  ලංකාවේ පැවති ආසියානු කලාපීය චෙස් ශූරතාවලියේ දී ඉන්ටර්නැෂනල් මාසර්ටර් තත්ත්වය හිමිකරගත් රොමේෂ් වීරවර්ධනට පසුව මෙම තත්ත්වය හිමිකරගත් හිමිකරගත් දෙවැන්නා වේ.

ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්ටර්නැෂනල් මාස්ටර් ශූරතාව දිනාගත් පළමු තැනැත්තා හර්ෂණ වේ.

ඔහු පොදු රාජ්‍ය මණ්ඩලීය වයස අවුරුදු 16 න් පහළ ශූරතාව ඇතුලු  බොහෝ ශූරතාවන්ට හිමිකම් කියන අතර ආසියානු යොවුන් චෙස් කණ්ඩායම නියෝජනය කරමින්  2020 අන්තර් මහද්වීපික යොවුන් චෙස්  තරගාවලියට තේරී පත්ව ඇත.  2018 වසරේදී ජනාධිපති සම්මානය හිමිකරගත් හර්ෂණ ලෝක පාසල් චෙස් ශූරතාවද දිනාගත් ක්‍රීඩකයෙකි.

ඔහු මේ වන විට ශ්‍රී ලංකාවෙ අංක එකේ චෙස් ක්‍රීඩකයා වන අතර වසර 2014 දී බ්‍රසීලයේදී පැවැති ලෝක චෙස් තරගාවලියේ වයස 10 න් පහළ ශූරතාවද දිනාගත්තේය.

හර්ෂණ තිලකරත්න කුරුණෑගල මලියදේව විද්‍යාලයේ සිසුවකු වන අතර ඔහු උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලබයි.


අදහස් (0)

හර්ෂණ තිලකරත්න ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.