Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සෝන්ඩර්ස් පිල ගෝල 3-2 කින් සුපර් සන් පරදවයි

සෝන්ඩර්ස් පිල ගෝල 3-2 කින් සුපර් සන් පරදවයි

රොෂාන් ගුණරත්න - 2019 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී සුපර් සන් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 3-2 ක් ලෙස ජය ගැනීමට සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සමත් විය. 


තරගයේ 2 වැනි සහ 5 වැනි මිනිත්තු වලදී ගෝල ලබාගත් අෆීස් ඔලයෙමි සහ එම්. ෆසන් සුපර් සන් ක්‍රීඩා සමාජයට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. එහෙත් 14 වැනි, 21 වැනි සහ 93 වැනි (අතිරේක කාලයේදී) මිනිත්තුවලදී ගෝල ත්‍රිත්වයක් ලබාගත් චමෝද් දිල්ෂාන්, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයමට තරගයේ ජයග්‍රහණය අත්කර දුන්නේය. 


මෙම තරගයේදී සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ එස්.කේ. ප්‍රියදර්ෂන සහ සුපර් සන් ක්‍රීඩා සමාජයේ අසංක ද සිල්වා කහ කාඞ්පත් ලැබූහ. 

-036 


අදහස් (0)

සෝන්ඩර්ස් පිල ගෝල 3-2 කින් සුපර් සන් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.