Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සොලිඞ් පිලට ගෝල 4-1 ක පහසු ජයක්

සොලිඞ් පිලට ගෝල 4-1 ක පහසු ජයක්

රොෂාන් ගුණරත්න - 2019 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ඒකල ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 4-1 ක් ලෙස ජය ගැනීමට සොලිඞ් ක්‍රීඩා සමාජය සමත් විය. 


එහිදී සොලිඞ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් 41 වැනි, 45 වැනි සහ 66 වැනි මිනිත්තුවලදී ගෝල ත්‍රිත්වයක් ලබාගැනීමට එන්.සී. මයිකල් සමත් වූ අතර එම කණ්ඩායමේම සී.ඊ. ඉහාම්ද 52 වැනි මිනිත්තුවේදී ගොලයක් ලබාගත්තේය. 


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා වූ එම ගෝලයට හිමිකම් කීමට පී.ඒ. විජේසේන සමත් වූ අතර ඔහු එය ලබාගත්තේ තරගයේ 13 වැනි මිනිත්තුවේදීය. 

-036


අදහස් (0)

සොලිඞ් පිලට ගෝල 4-1 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.