Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සෙරීනා සිව්වැනි වටයට පැනගනී

සෙරීනා සිව්වැනි වටයට පැනගනී

editorial - 2021 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුසියානු ක්‍රීඩිකා ඇනස්ටාසියා පෝටපෝවා වට 2-0 ක් ලෙස (7/6 සහ 6/2) පරාජය කරමින් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ සිවුවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ඇමරිකාවේ සෙරීනා විලියම්ස් ඊයේ (12 වැනිදා) සමත් වූවාය. ඉතාමත් තියුණු ස්භාවයක් ගත් එම තරගය රොඩ් ලීවර් ක්‍රීඩාංගණයේ සිටි සීමිත පිරිසකට දැක බලාගැනීමට හැකි වුවද, ඕස්ට්‍රේලියානු රජයේ නිලධාරීන් ප්‍රකාශ කළේ මෙල්බර්න් නුවර හෝටලයක කොවිඩ්-19 වයිරසය පැතිර යෑමක් බවතින බැවින් සෙනසුරාදා සිට දින පහක් යන තුරු තරගාවලිය නරඹන්නන්ට තහනම් කරන බවය.

අවසන් වරට පැවැති (2019) ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේදී සෙරීනාට තෙවැනි වටයෙන් ඉවත් වීමට සිදු විය. සෙරීනා 39 වැනි වියේ පසුවූවද තවමත් 19 වැනි වියේ පසුවන පෝටපෝවා අනාරක්ෂිත ලෙස ක්‍රීඩා නොකළේ නම් මෙවරද සෙරීනාට ඉකුත් වසරේදී අත්වූ ඉරණමම අත්වීමට ඉඩ තිබිණ.

පළමු වටයේ වරෙක ලකුණු 5-4 ක් ලෙස ඉදිරියෙන් සිටි පෝටපෝවා අපරික්ෂාකාරී ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙන් එම වටයේ ජයග්‍රහණය අහිමි කර ගත්තාය.

“හතරවන වටයට පැමිණීම මට මහත් සතුටක්. සෑම වටයකදීම හොඳින් ක්‍රීඩා කරනවා කියන්නේ දිගින් දිගටම තරගාවලියේ රැඳී සිටිමයි” යැයි ජයග්‍රහණයෙන් අනතුරුව සෙරීනා පැවසීය.

මීළඟ වටයේදී සෙරීනා බෙලරුසයේ අර්යානා සැබලෙන්කාට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. සිය හොඳම ග්‍රෑන්ඩ් ස්ලෑම් දක්ෂතාව දක්වමින් සිටින සැබලෙන්කා, තෙවැනි වටයේදී ඇමරිකාවේ ඈන් ලී වට 2-0 ක් ලෙස (6/3 සහ 6/1) පරාජය කරමින් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තාය.

2017 වසරේදී පැවති ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ජයගනිමින් සිය 23 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට හිමිකම් කී සෙරීනා, ලෝකයේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවකට (24) හිමිකම් කියන ඕස්ට්‍රේලියාවේ මාග්‍රට් කෝට්ගේ වාර්තාව සම කිරීමේ අරමුණින් මෙම තරගාවලියට ක්‍රීඩා කරන්නීය.

මේ අතර 2019 ඕස්ට්‍රේලියානු විවෘත ශූරයා වූ ජපානයේ නයෝමි ඔසාකා තුන්වැනි වටයේදී ටියුනීසියාවේ ඔන්ස් ජබූර් 6-3 සහ 6-2 ක් ලෙසින් පරාජය කරමින් සිව්වැනි වටයට සුදුසුකම් ලබාගත්තාය.

ස්පාඤ්ඤයේ ගාබීන් මුගුරූසා සහ රුමේනියාවේ සිමෝනා හීල්ප් ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ සිව්වැනි වටයට සුදුසුකම් ලබා සිටින අනෙක් ප්‍රබල ක්‍රීඩිකාවෝ වෙති.

 

-036

 


අදහස් (0)

සෙරීනා සිව්වැනි වටයට පැනගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.