Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සෙරීනා වාර්තාව හඹායාම අරඹයි

සෙරීනා වාර්තාව හඹායාම අරඹයි

editorial - 2021 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ මාගරට් කෝට් විසින් ග්‍රෑන්ඩ් ශූරතා 24 ක් දිනාගනිමින් තබා ඇති ලෝක වාර්තාව හඹායන ඇමරිකාවේ සෙරීනා විලියම්ස්, තවත් පියවරක් ඉදිරියට තබමින් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටය ජය ගැනීමට සමත්වූවාය. එහිදී ජර්මනියේ ලෝරා සීමන්ඩ් තරග වට දෙකේදීම 6-1 ක් ලෙස පරාජය කළ සෙරීනා විලියම්ස් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තාය.

අවසන් වරට 2017 දී පැවැති ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් තරගයේදී සිය සහෝදරිය වූ වීනස් විලියම්ස් පරාජය කරමින් 23 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගත් සෙරීනාට එතැන් පටන් මේ දක්වා ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනාගැනීමට අවස්ථාවන් හිමිනොවීය. සුළු ආබාධ තත්වයක් හේතුවෙන් පළමු වටයට පෙර පැවැති පුහුණු තරගයෙන් සෙරීනා විලියම්ස් ඉවත්වුවද නැවතත් සුපුරුදු දස්කම් අතරට ඒමට ඇය සමත්වූවාය.

සෙරීනා විලියම්ස් හෙට (10 වැනිදා) සර්බියාවේ නීනා ස්ටෝජනවික් සමගින් දෙවැනි වටයේදී තරග වැදීමට නියමිතය.

වාර්තාව පසුපස යන සෙරීනාට එය පහසු කටයුත්තක් නොවන අතර කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හී පිළිවෙලින් පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථානයන්හී පසුවන ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාර්ටි, රොමේනියාවේ සිමෝනා හීල්ප් සහ ජපානයේ නයෝමි ඔසාකා යන ක්‍රීඩිකාවෝද මේ වනවිට දෙවැනි වටයට සුදුසුකම් ලබාගෙන සිටිති.

මොන්ටෙනීග්‍රෝහි ඩන්කා කොවිනික් තරග වට දෙකෙහිදීම 6-0 ක් ලෙස පරාජය කිරීමට ඈෂ්ලි බාර්ටි සමත්වූ අතර ඕස්ට්‍රේලියාවේ ලිසට් කැබ්‍රේරා 6-2 ක් සහ 6-1 ක් ලෙස පරාජය කිරීමට සිමෝනා හීල්ප් සමත්වූවාය. රුසියාවේ ඇනස්ටසියා පවුලිචෙන්කෝවා 6-1 ක් සහ 6-2 ක් ලෙස පරාජයට පත්කළ ජපානයේ නයෝමි ඔසාකාද දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තාය.

සිමෝනා හීල්ප් ඕස්ට්‍රේලියාවේ අජ්ලා ටොම්ල්ජනොවික් සමගින්ද, නයෝමි ඔසාකා ප්‍රංශයේ කැරොලින් ගාසියා සමගින්ද දෙවැනි වටයේදී තරග වැදීමට නියමිතව ඇත. දෙවැනි වටයේ තරග හෙට (10 වැනිදා) සහ අනිද්දා (11 වැනිදා) පැවැත්වේ.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාවලිය යටතේ පැවැති පළමු වටයේදී ප්‍රංශයේ ජෙරමි චාර්ඩි 6-3 ක්, 6-1 ක් සහ 6-2 ක් ලෙස පරාජයට පත්කළ සර්බියාවේ නොවැක් ජොකොවික් සහ සර්බියාවේ ලාස්ලෝ ඩේරේ 6-3 ක්, 6-4 ක් සහ 6-1 ක් ලෙස පරාජයට පත්කළ ස්පාක්‍ද්ක්‍දයේ රෆායල් නඩාල් දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.

නොවැක් ජොකොවික් සහ රෆායල් නඩාල් පිරිමි ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හී පිළිවෙලින් පළමු සහ දෙවැනි ස්ථානයන්හි පසුවෙති.


- 2079

 


අදහස් (0)

සෙරීනා වාර්තාව හඹායාම අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.