Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සෙරීනා - ඔසාකා තීරණාත්මක තරගය හෙට

සෙරීනා - ඔසාකා තීරණාත්මක තරගය හෙට

editorial - 2021 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තියුණුතම තරගය විය හැකි කාන්තා කේවල අවසන් පූර්ව තරගය හෙට (18 වැනිදා) පැවැත්වෙයි. දශක දෙකක් පුරා ටෙනිස් පිටියේ අද්වීතීය කෙරුම්කාරිය වූ සෙරීනා විලියම්ස් සහ ආසියාවේ අසහාය ටෙනිස් ක්‍රීඩිකාව නයෝමි ඔසාකා අතර මෙම තරගය මෙල්බර්න්හි රොඩ් ලිවර් ටෙනිස් පිටියේදී පැවැත්වෙයි.

ලෝක ටෙනිස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම අනුව ඔසාකා අංක 3 ස්ථානයේත් සෙරීනා 11 වැනි ස්ථානයේත් සිටිති. එහෙත් තරගාවලියේ අනෙක් අර්ධයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 27 වැනි ස්ථානයේ සිටින, චෙක් ජනරජයේ කැරොලිනා මුඛෝවා සහ 24 වැනි ශ්‍රේණිගත ස්ථානයේ සිටින ඇමරිකාන ක්‍රීඩිකා ජෙනිෆර් බ්‍රැඩී දෙදෙනාය. මෙම තත්ත්වය අනුව සෙරීනා සහ නයෝමි අතර අද පැවැත්වෙන තරගයේ ජයග්‍රාහිකාවට මෙවර ඕස්ට්‍රේලියානු විවෘත කාන්තා ශූරතාව දිනාගැනීමේ වැඩි ඉඩක් පවතී.

වසර 2017 සිට ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහ තරග 4 ක් පරාජය වූ සෙරීනා මෙවර හඹා යන්නේ සිය 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියයි. සෙරීනා අවසන් වරට ඔසාකා මුණගැසුනේ 2018 ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ අවසන් මහ තරගයේදීය. එහිදී ඔසාකා ජයගත් නමුත් ත්‍යාග ප්‍රදානෝත්සවයේදී නරඹන්නන් ඇයට සරදම් කළ හෙයින් ඇය කුසලානය අතට ගත්තේ ඇඬූ කඳුලිනි.

යම් හෙයිකින් අද තරගයේදී ඔසාකා පරාජය කිරීමට සෙරීනා සමත් වුවහොත් ඇයට 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගැනීටම තිබෙන හොඳම අවස්ථාව මෙයයි. මක්නිසාද යත් ලෝකයේ අංක 1 ක්‍රීඩිකාව වන ඈෂ්ලි බාර්ටිව පරාජය කිරීමට චෙක් ජනරජයේ කැරොලිනා මුඛෝවා සමත්වූ බැවිනි.

අනෙක් අර්ධයෙන් අවසන් පූර්ව වටයට පිවිස සිටින චෙක් ජනරජයේ කැරොලිනා මුඛෝවා හෝ ජෙනිෆර් බ්‍රැඩී දෙදෙනාම මේ දක්වා ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක අවසන් මහ තරගයට ක්‍රීඩා කරන නැත. එහෙත් සෙරීනා ක්‍රීඩා කර ඇති ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහ තරග සංඛ්‍යාව 33 කි.


- 213

 


අදහස් (0)

සෙරීනා - ඔසාකා තීරණාත්මක තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.