Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සිම්බාබ්වේ ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවට රිදවති

සිම්බාබ්වේ ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවට රිදවති

editorial - 2019 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(පැතුම් ශ්‍රී විජේරත්න - එංගලන්තයේ ලිවර්පූල්හි සිට) 
ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී  ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් සිම්බාබ්වේ පිල හමුවේ ලකුණු 79 - 49 ක පරාජයක් අත්කරගත්තේය. මෙම තරගය එංගලන්තයේ ලිවර්පූල් නුවර එම්. ඇන්ඩ් එස්. බෑන්ක් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (12දා) පැවැත්විණ.


තරගයේ පළමු කාර්තුව ලකුණු 19-14 ක් ලෙසද දෙවැනි කාර්තුව ලකුණු 19-15ක් ලෙසද ජයගැනීමට සමත්වූයේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

කෙසේවෙතත් දෙවැනි කාර්තුව ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් ලකුණු උදුරා ගැනීමට සිම්බාබ්වේ ක්‍රීඩිකාවන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ අතර, එක් අවස්ථාවක ඔවුන් සිම්බාබ්වේ පළමු කාර්තුවේ ලබා තිබූ ලකුණු 05 ක පරතරය පවා නැති කරගැනීමට සමත්විය. එහෙත් දෙවැනි කාර්තුවේ සිදුවූ අත්වැරදිම් හේතුවෙන් ජයග්‍රහණයට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් දුරස් විය.

තෙවැනි සහ සිව්වැනි කාර්තුවල ජයද පිළිවෙළින් ලකුණු 15-13 ක් සහ 26-07 ක් ලෙස හිමි කරගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද (13දා) උතුරු අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වේ. මූලික වටයේ අවසන් තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව හෙට (14) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ටද පැවැත්වීමට නියමිතය. 

ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකාව 'ඒ' කාණ්ඩයෙන් තරග කරනු ලබන අතර එම කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව,  සිම්බාබ්වේ  සහ උතුරු අයර්ලන්තය යන රටවල් ක්‍රීඩා කරයි.

සෙසු තරග ප්‍රතිපල

  • නවසීලන්තය විසින් මලාවි කණ්ඩායම පරාජය කරන ලදි. (64-45)
  • බාබඩෝස් කණ්ඩායම විසින් සිංගප්පූරුව පරාජය කරන ලදි. (69-34)
  • ඕස්ට්‍රේලියාව විසින් උතුරු අයර්ලන්තය පරාජය කරන ලදි. (88-24)

 


අදහස් (0)

සිම්බාබ්වේ ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවට රිදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.