Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ස්පීඩ් රන්ස් ශූරයා කිංස්ලි

ස්පීඩ් රන්ස් ශූරයා කිංස්ලි

editorial - 2020 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිලෝන් මෝටර් ක්‍රීඩා සමාජය සහ මැන්ඩරීන් රීඩ් ආයතන ඒකාබද්ධව සංවිධානය කළ ‘ස්පීඩ් රන්ස්’ විද්යුත් ක්‍රීඩා තරගාවලියේ අවසන් මහ තරගය ජයගැනීමට කැල්වින් කිංස්ලි සමත් විය. ඉතා තියුණු තරගයකින් අනතුරුව අවසන් මහ තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට විරේන් බොතේජු සමත් වූ අතර රියාස් හෆ්රත් එහි තෙවැනි ස්ථානයට පත් විය.

හැටන් නැෂනල් බැංකුවේ අනුග්‍රහය යටතේ මෙම තරගාවලිය පැවැත්විණ. තරගාවලිය අදියර 3 කින් සහ අවසන් මහ තරගයකින් සමන්විත වූ අතර අදියර තුනේදී ක්‍රීඩකයන් ලබාගත් ලකුණු සංඛ්‍යා අනුව ඔවුන් අවසන් මහ තරගයට තෝරාගනු ලැබිණ.

එහිදී සුප්‍රකට අන්තර්ජාල විද්යුත් ක්‍රීඩා ඉසව්වක් වන ‘ග්‍රෑන්ඩ් ටුවරිස්මෝ’ තරගාවලියේ මෙන් ජී4 කාණ්ඩයට අනුකූලව විශේෂයෙන් සැකසූ ධාවන ආසන සකසා තිබිණ. 100 කට අධික තරගකරුවන් පිරිසක් මෙම තරගාවලියට සහභාගි වූහ.

තරගාවලියේ පළමු අදියර මාතරදී පැවැත්විණ. පළමු අදියර ජයගත්තේද කැල්වින් කිංස්ලි විසිනි. එහි දෙවන ස්ථානය නිරෝෂ් ජීවන්තට හිමිවිය. දෙවන අදියර ජයගැනීමට හුසීෆා ජැෆර්ජි සමත් වූ අතර චමෝද් සමරකෝන් එහි දෙවැනි ස්ථානයට පත්විය.

ගාලු මුවදොර සාප්පු සංකීර්ණයේ (ගෝල්ෆේස් මෝල්) පැවති තෙවැනි අදියර ජය ගැනීමට විරේන් බොතේජු සමත් වෙද්දී, රියාස් හෆ්රත් එහි දෙවැනි ස්ථානයටත්, ඇඩම් ජුනයිඩ් තෙවැනි ස්ථානයටත් පත්වූහ.  

 

-036

 


අදහස් (0)

ස්පීඩ් රන්ස් ශූරයා කිංස්ලි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.