Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සචින් - බුවනෙක අර්ධ අවසන් පූර්ව වටයට

සචින් - බුවනෙක අර්ධ අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් පිරිමි යුගල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක අද (25 වැනිදා) සමත් වූහ.

එම ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී වට 2-0 ක් ලෙස පාකිස්තානයේ අසාම් රිස්වාන් සහ කාසිෆ් සුලේරි පරාජය කරමින් සචින් සහ බුවනෙක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. එහි පළමු වටය ලකුණු 21/12 ක් ලෙස ජයගත් සචින් සහ බුවනෙක දෙවැනි වටය ජයගත්තේ ලකුණු 21/13 ක් ලෙසිනි.
ඒ අනුව හෙට (26 වැනිදා) පැවැත්වෙන් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී චීනයේ ලී ජුන්හුයිට සහ ලියූ යුචෙන්ට එරෙහිව සචින් සහ බුවනෙක තරග බිමට පිවිසීමට නියමිතය.

පිරිමි කේවල ඉසව්වේ අද පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී වට 2-0 ක් ලෙස (21/6, 21/14) දිනූක කරුණාරත්න පරාජය කිරීමට හොං කොංහි කාලෝස් අන්ගුස් සමත් විය.

කාන්තා කේවල ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ අද පැවැති තරගයකයට සහභාගි වූ කාවින්දි සිරිමාන්නගේ එහිදී වට 2-0 ක් ලෙස (21/4, 21/14) තායිලන්තයේ ජින්ඩාපොල් නිචාඕන් හමුවේ පරාජයට පත් වූවාය.


-036

 


අදහස් (0)

සචින් - බුවනෙක අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.