Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සියනෑ හටනේ ජය කිරිඳිවැල මධ්‍ය විද්‍යාලය

සියනෑ හටනේ ජය කිරිඳිවැල මධ්‍ය විද්‍යාලය

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැලිපිල්ලෑව ජයකොඩි මහ විද්‍යාලය සහ කිරිඳිවැල මධ්‍ය විද්‍යාලය අතර මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති ‘සියනෑ මහ හටන’ වාර්ෂික එක්දින ක්‍රිකට් තරග කඩුලු 5 කින් ජයගැනීමට කිරිඳිවැල මධ්‍ය විද්‍යාලය අද (3 වැනිදා) සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ජයකොඩි මහ විද්‍යාලයට ඕවර 40 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 116 කි. ලකුණු 26 ක් රැස්කළ ළහිරු දිනෙත් ජයකොඩි මහ විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ හර්ෂ රංගන ලකුණු 26 කට කඩුලු 4 ක් දවාගනිමින් කිරිඳිවැල මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 117 ක ඉලක්කයක් හඹාගිය කිරිඳිවැල මධ්‍ය විද්‍යාලය ඕවර 21.5 කදී කඩුලු 5 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

හංස රංගන ලකුණු 32 ක් සහ විභූති ප්‍රියාන් නොදැවී ලකුණු 25 ක් රැස්කරමින් කිරිඳිවැල මධ්‍ය විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන ගියහ.


ජයකොඩි මහ විද්‍යාලය - ඕවර 40 කදී සියලුදෙනා දැවී ලකුණු 116
(ළහිරු දිනෙත් 26, හර්ෂ රංගන 26/4)

කිරිඳිවැල මධ්‍ය විද්‍යාලය - ඕවර 21.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 121
(හංස රංගන 32, විභූති ප්‍රියාන් නොදැවී 25, සෂික ප්‍රවීන් 38/3)

 


අදහස් (0)

සියනෑ හටනේ ජය කිරිඳිවැල මධ්‍ය විද්‍යාලය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.