Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශූරයා ෂහීඞ් : ශූරිය රොෂිටා

ශූරයා ෂහීඞ් : ශූරිය රොෂිටා

ශානුක අරවින්ද - 2019 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය 19 වැනි වරටත් සංවිධානය කළ සභාපති කුසලාන කැරම් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ෂහීඞ් හිල්මිද, කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට නාවික හමුදාවේ ජෝශප් රොෂිටාද සමත් වූහ.

හිල්මි එම ශූරතාව දිනාගැනීමට සමත් වූයේ පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 2-0 ක් (25/02, 25/12) ලෙස නාවික හමුදාවේ නිෂාන්ත ප්‍රනාන්දු පරාජය කරමිනි. මේ වන විට තෙවරක් ජාතික කැරම් ශූරතාව දිනා සිටින නිෂාන්ත, ලෝක කැරම් ශූරතාවද දිනූ ක්‍රීඩකයෙකි.
 
මේ වසරේ (2019) ජාතික කැරම් ශූරතාව මෙන්ම “ග්‍රෑන්ඞ්ස්ලෑම්” ශූරතාවද දිනා සිටි ගුවන් හමුදාවේ චලනි ලක්මාලි පරාජය කරමින් රොෂිටා මෙම තරගාවලියේ කාන්තා කේවල ශූරතාවට හිමිකම් කීවාය. එහි අවසන් මහ තරගයේදී රොෂිටා හමුවේ වට 2-1 ක් (25/24, 11/25, 25/12) ලෙස ලක්මාලි පරාජයට පත් වූවාය.

කාන්තා කේවල ශූරතාව දිනාගත් රොෂිටා, එහිදී සිය ප්‍රදිවාදී ක්‍රීඩිකාව වූ චලනි ලක්මාලි සමග එක්ව කාන්තා යුගල ශූරතාවද දිනා ගනිමින් මෙම ශූරතාවලියේ ද්විත්ව ශූරතා දිනාගැනීමටද සමත් වූවාය. මෙවර සභාපති කුසලාන කැරම් ශූරතාවලිය “වයිට් ස්ලෑම්” සහ “බ්ලැක් ස්ලෑම්” (ප්‍රතිවාදියාට අවස්ථාව නොදී තරගවාරයක් නිමා කිරීම්) හතකින් වර්ණවත් කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකු සමත් වීම විශේෂ සිදුවීමක් විය.

පසුගිය වසරේ සම්මේලන කුසලාන කැරම් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා කැරම් සම්මේලන ශ්‍රේණිගත කිරීම්හී අංක 1 ස්ථානය හිමිකරගත් ෂහීඞ් හිල්මි, මෙම වසරේ ජාතික කැරම් ශූරතාවද දිනාගත් අතර මෙම සභාපති කුසලාන කැරම් ශූරතාවලියේ ශූරතාව දිනා ගැනීමත් සමග ශ්‍රේණිගත ලකුණු 100 ක් හිමිකර ගනිමින් තවදුරටත් ශේණිගත කිරීම්හි පෙරමුණ තහවුරු කර ගැනීමට සමත් විය.

පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල සහ කාන්තා යුගල ලෙස ඉසව් හතරකින් සමන්විත වූ මෙම තරගාවලිය දෙල්කඳ ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ පැවැති අතර ඒ සඳහා දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින් තරගකරුවන් හාරසීයකට අධික පිරිසක් සහභාගී වූහ.

තරග ප්‍රතිඵල

පිරිමි කේවල
ෂහීඞ් හිල්මි (කොළඹ රාජකීය විද්‍යාලය) විසින් වට 2-0 ක් ලෙස නිෂාන්ත ප්‍රනාන්දු (නාවික හමුදාව) පරාජය කරන ලදි. (25/02, 25/12)

පිරිමි යුගල
උදේශ් චන්දිම සහ දිනෙත් දුලක්‍ෂණ (ගුවන් හමුදාව) විසින් වට 2-1 ක් ලෙස හසිත අනුරුද්ධ සහ ඉවෝන් වික්‍රමසිංහ (ගුවන් හමුදාව) පරාජයට කරන ලදහ. (20/25, 25/23, 25/06)

කාන්තා කේවල
ජෝශප් රොෂිටා (නාවික හමුදාව) විසින් වට 2-1 ක් ලෙස චලනි ලක්මාලි (ගුවන් හමුදාව) පරාජය කරන ලදි. (25/24, 11/25, 25/12)
 
කාන්තා යුගල
ජෝශප් රොෂිටා (නාවික හමුදාව) සහ චලනි ලක්මාලි (ගුවන් හමුදාව) විසින් වට 2-0 ක් ලෙස තස්මිලා කාවින්දි සහ නුවන්තිකා සංජීවනී (නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය) පරාජයට කරන ලදහ. (25/22, 25/10)

පිරිමි කේවල ශූරතාවය දිනාගත් ෂහීඞ් හිල්මි සහ අනුශූරතාවය හිමිකරගත් නිශාන්ත ප්‍රනාන්දු.

කාන්තා කේවල ශූරතාවය දිනාගත් ජෝශප් රොෂිටා සහ අනුශූරතාවය හිමිකරගත් චලනි ලක්මාලි ලියනගේ.
 

 


අදහස් (0)

ශූරයා ෂහීඞ් : ශූරිය රොෂිටා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.