Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලාංකිකයෝ කලින්ම ඉවතට විසිවෙති

ශ්‍රී ලාංකිකයෝ කලින්ම ඉවතට විසිවෙති

ශානුක අරවින්ද - 2019 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ කටාක් නුවර, ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සියලු දෙනාම එහි පිරිමි කේවල සහ කාන්තා කේවල ඉසව්වල සුදුසුකම් ලබාගැනීමේ වටයෙන්ම ඉවතට විසිවූහ.

සුදුසුකම් ලබගැනීමේ වටයට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සියලු දෙනාම කාණ්ඩ කිහිපයකට බෙදී එම කාණ්ඩ තුළ ලීග් ක්‍රමයට අනුව තරග වැදිණ. කෙසේ වුවත් තරගාවලියේ මූලික වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට හැකි වූයේ ඒ ඒ කාණ්ඩවල පෙරමුණ හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් තමා සහභාගි වූ සුදුසුකම් ලබගැනීමේ වටයේ තරග 3 න් 2 ක් ජයගැනීමට රොහාන් සිරිසේන සමත් විය. ක්‍රිෂාන් වික්‍රමරත්න සහ මිලින්ද ලක්ෂිත එක් තරගය බැගින් ජයගෙන එක් නිතරග ජය බැගින් හිමිකරගත් අතර නිර්මල ජයසිංහ තමා සහභාගි වූ සුදුසුකම් ලබගැනීමේ වටයේ තරග 3 ම පරාජයට පත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතරින් බිමන්දි බණ්ඩාර සහ ඉෂාරා මධුරංගි සුදුසුකම් ලබගැනීමේ වටයේ එක් තරගය බැගින් ජයගෙන එක් තරගය බැගින් පරාජයට පත්වූහ. චමත්සරා ප්‍රනාන්දු සහභාගි වූ තරග තුනෙන් දෙකක් පරාජයට පත් වී එක් නිතරග ජයත් හිමිකරගත් අතර ජිතාරා වර්ණකුලසූරිය තමා සහභාගි වූ තරග දෙකේදීම පරාජයන් ලැබුවාය.  


පිරිමි කේවල තරග ප්‍රතිඵල

රොහාන් සිරිසේන
■    ජවේන් චූන්ග් (මැලේසියාව) විසින් වට 3-1 ක් ලෙස රොහාන් සිරිසේන (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (8/11, 11/7, 11/8, 12/10)
■    රොහාන් සිරිසේන (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස ඩිලන් කරි (ස්කොට්ලන්තය) පරාජය කරන ලදි. (11/2, 12/10, 11/6)
■    රොහාන් සිරිසේන (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස පීටර්ස් කේඞ් (දකුණු අප්‍රිකාව) පරාජය කරන ලදි. (11/4, 11/6, 11/8)


ක්‍රිෂාන් වික්‍රමරත්න
■    අසීස් ජමියු (නයිජීරියාව) විසින් වට 3-0 ක් ලෙස ක්‍රිෂාන් වික්‍රමරත්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (12/10, 11/8, 11/7)
■    ක්‍රිෂාන් වික්‍රමරත්න (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස රානා මසූද් (බංග්ලාදේශය) පරාජය කරන ලදි. (11/3, 11/9, 11/8)
■    එඩී ඔමොන්ගොල් (උගන්ඩාව) හමුවේ ක්‍රිෂාන් වික්‍රමරත්නට (ශ්‍රී ලංකාව) නිතරග ජයක්.

 

මිලින්ද ලක්ෂිත
■    රොනිත් භාන්ජා (ඉන්දියාව) විසින් වට 3-1 ක් ලෙස මිලින්ද ලක්ෂිත (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (9/11, 11/9, 11/7, 11/7)
■    ජම්ලු අයන්වාලේ (නයිජීරියාව) විසින් වට 3-1 ක් ලෙස මිලින්ද ලක්ෂිත (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/7, 9/11, 16/14, 11/8)
■    කීගන් ලින්ගවෙල්ඞ් (දකුණු අප්‍රිකාව) හමුවේ මිලින්ද ලක්ෂිතට (ශ්‍රී ලංකාව) නිතරග ජයක්.


නිර්මල ජයසිංහ
■    ක්ලැරන්ස් සේයු (සිංගප්පූරුව) විසින් වට 3-1 ක් ලෙස නිර්මල ජයසිංහ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/4, 11/9, 6/11, 11/3)
■    සිද්ධේෂ් පාණ්ඬේ (ඉන්දියාව) විසින් වට 3-0 ක් ලෙස නිර්මල ජයසිංහ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/0, 12/10, 11/5)
■    බෙනඩික් වොට්සන් (වේල්සය) විසින් වට 3-0 ක් ලෙස නිර්මල ජයසිංහ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/7, 11/5, 11/7)

 


කාන්තා කේවල තරග ප්‍රතිඵල

ඉෂාරා මධුරංගි
■    ප්‍රාප්ති සෙන් (ඉන්දියාව) විසින් වට 3-0 ක් ලෙස ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/9, 11/6, 11/4)
■    ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස රහීමා අක්තර් (බංග්ලාදේශය) පරාජය කරන ලදි. (11/2, 11/2, 11/8)

 

බිමන්දි බණ්ඩාර
■    සින්හා ක්‍රිත්විකා (ඉන්දියාව) විසින් වට 3-1 ක් ලෙස බිමන්දි බණ්ඩාර (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (8/11, 12/10, 11/3, 11/7)
■    බිමන්දි බණ්ඩාර (ශ්‍රී ලංකාව) විසින් වට 3-2 ක් ලෙස ඔෆියොන්ග් ඇඩම් (නයිජීරියාව) පරාජය කරන ලදි. (3/11, 8/11, 11/6, 11/6, 11/6)

 

චමත්සරා ප්‍රනාන්දු
■    චෙල්සියා එඞ්ගිල් (ගයානාව) හමුවේ චමත්සරා ප්‍රනාන්දුට (ශ්‍රී ලංකාව) නිතරග ජයක්.
■    එයිනිස් ලිම් (සිංගප්පූරුව) විසින් වට 3-0 ක් ලෙස චමත්සරා ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/9, 11/7, 11/3)
■    රීත් රෙෂායා (ඉන්දියාව) විසින් වට 3-0 ක් ලෙස චමත්සරා ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/4, 11/7, 11/9)

 

ජිතාරා වර්ණකුලසූරිය
■    සින් රූ වොන්ග් (සිංගප්පූරුව) විසින් වට 3-0 ක් ලෙස ජිතාරා වර්ණකුලසූරිය (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/8, 11/8, 11/4)
■    සිසිලියා එක්පන් (නයිජීරියාව) විසින් වට 3-1 ක් ලෙස ජිතාරා වර්ණකුලසූරිය (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/6, 8/11, 11/7, 11/9)

 


අදහස් (0)

ශ්‍රී ලාංකිකයෝ කලින්ම ඉවතට විසිවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.