Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට කෘතිම හොකී ක්‍රීඩාංගණයක්

ශ්‍රී ලංකාවට කෘතිම හොකී ක්‍රීඩාංගණයක්

editorial - 2019 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සුසිල් ප්‍රේමලාල් සිංගප්පූරුවේ සිට..)

ජාත්‍යන්තර මට්ටමේ කෘත්‍රිම හොකී පිටියක් ලබන වසරේදී (2020) ශ්‍රී ලංකාවට ලබාදීමට ජාත්‍යන්තර හොකී සම්මේලනය සැළසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවට කරනු ලබන ආධාරයක් ලෙස මෙම හොකී පිටිය ශ්‍රී ලංකාවට ලබාදෙන අතර, එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 5 කට ආසන්න වන බව ජාත්‍යන්තර හොකී සම්මේලනය තමාට දැනුම් දුන් බව ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා අද (16) සිංගප්පූරුවේදී පැවසීය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින එකම ජාත්‍යන්තර කෘත්‍රිම හොකී පිටිය ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින කොළඹ රීඞ් මාවත හොකී ක්‍රීඩාංගණය වේ. එය වසර 15 කටත් වඩා පැරණි ක්‍රීඩාංගණයක් වේ. එම ක්‍රීඩාංගණය තරග පැවැත්වීමට නොහැකි තරමට දැඩි ලෙස අබලන්ව පවතී.

නව හොකී ක්‍රීඩාංගණය ලබන වසරේදී සැකසීමෙන් අනතුරුව මීළඟ ආසියානු හොකී සංගම් කාන්තා කනිෂ්ඨ හොකී තරගාවලිය හෝ එහි පිරිමි තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ආසියානු හොකී සම්මේලනයේ අවධානය යොමුවී තිබේ.

ආසියානු හොකී සම්මේලනය විසින් අධීක්‍ෂණය කරනු ලබන කිසිදු ජාත්‍යන්තර මට්ටමේ හොකී තරගාවලියක් මෙතෙක් ශ්‍රී ලංකාවේ පවත්වා නැත.

දෙසැම්බර් මාසයේ හොංකොංහි පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු හොකී සංගම් කුසලාන පිරිමි කනිෂ්ඨ තරගාවලිය හොං කොං රාජ්‍යයෙන් ඉවත් කරගැනීමට ආසියානු හොකී බලධාරීහු ඉකුත්දා පියවර ගත්හ. හොං කොං රාජ්‍යයෙහි මේ දිනවල පවතින කලබලකාරී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට කෘතිම හොකී ක්‍රීඩාංගණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.