Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව යළිත් ආසියා ශාන්තිකර කළාපයට

ශ්‍රී ලංකාව යළිත් ආසියා ශාන්තිකර කළාපයට

editorial - 2020 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ලෝක මට්ටමේ II කාණ්ඩය යටතේ පැවැති තරග වටයකදී පැරගුවේ රාජ්‍යය හමුවේ තරග 4-0 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට නැවතත් ආසියා ශාන්තිකර කළාපීය කළාපීය III  කාණ්ඩය දක්වා පසුබැසීමට සිදුවී තිබේ.

එම තරග වටය ජයගැනීමත් සමග පැරගුවේ රාජ්‍යයට ලෝක මට්ටමේ I කාණ්ඩයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවක් උදාවූ අතර ඒ සඳහා ඔවුන් ලෝක මට්ටමේ I කාණ්ඩයේදී පරාජයට පත්වන කණ්ඩායමක් සමග තරග වැදී ඉන් ජය ලැබිය යුතුය.

දෙරට අතර පැරගුවේ රාජ්‍යයේදී පැවැති තරග වටය කේවල තරග 4 කින් සහ එක් යුගල තරගයකින් සමන්විත විය. ඉන් කේවල තරග 3 ක් සහ යුගල තරගය ජයගැනීමට පැරගුවේ රාජ්‍යය සමත්වීම හේතුවෙන් ඉතිරි කේවල තරගය අත්හැර දැමිණ.

පළමු කේවල තරගයේදී ලකුණු 6/4 ක් සහ 6/4 ක් ලෙස ශාමල් දිසානායක පරාජය කිරීමට ඇඩෝල්ෆ් ඩැනියෙල් සමත් වූ අතර දෙවැනි කේවල තරගයේදී ලකුණු 7/5 ක් සහ 6/3 ක් ලෙස යසිත ද සිල්වා පරාජය කිරීමට මාටින් ඇන්ටොනියෝ සමත් විය.

ඉන් අනතුරුව පැවැති යුගල තරගයේදී ශාමල් සහ යසිත එක්ව තරග වැදුණ අතර එහිදී ඔවුහු ජුවාන් බෝබා සහ අයේද් සාටර් හමුවේ ලකුණු 6/1 ක් සහ 6/4 ක් ලෙස පරාජයට පත් වූහ.

තරග 3 ක් පරාජය වීම හේතුවෙන් තෙවැනි කේවල තරගයේදී කණ්ඩායමේ ලාබාලතම ක්‍රීඩකයා වූ ටෙහාන් විජේමාන්නට අවස්ථාවක් ලබාදීමට කණ්ඩායම් කලමණාකාරීත්වය තීරණය කළේය. ඇඩෝල්ෆ් ඩැනියෙල්ට එරෙහිව පැවැති එම තරගයේදී ටෙහාන් පරාජයට පත් වූයේ ලකුණු 6/1 ක් සහ 6/1 ක් ලෙසිනි.

අවසන් කේවල තරගය අත්හැර දැමීමත් සමග කණ්ඩායමේ ප්‍රවීණතම ක්‍රීඩකයා වූ දිනේෂ්කාන්තන් තංගරාජාට එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි විය. අවම වශයෙන් යුගල තරගයට හෝ ඔහුගේ සේවය ලබා නොගැනීම විස්මය දනවන සිදුවීමක් බව විචාරකයෝ පැවසූහ.

කණ්ඩායමේ පුහුණුකරු සහ ක්‍රීඩා නොකරන නායකයා ලෙස සුදන්ත සොයිසා මහතා කටයුතු කළේය.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව යළිත් ආසියා ශාන්තිකර කළාපයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.