Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ 26 වැනි තැනට

ශ්‍රී ලංකාව මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ 26 වැනි තැනට

ශානුක අරවින්ද - 2019 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුසියාවේ කසාන් නුවරදී පැවැත්වෙන 21 වැනි ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ මිශ්‍ර කණ්ඩායම් ඉසව්වට සහභාගි වූ රටවල් 43 ක් අතරින් 25 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම සමත් වී තිබේ.

‘එෆ්’ කාණ්ඩය යටතේ මිශ්‍ර කණ්ඩායම් ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාව මූලික වටයේ පළමු තරගයේදී පේරු රාජ්‍යයට එරෙහිව තරග 4-1 ක ජයක් අත්කර ගැනීමට සමත් විය. එහෙත් මූලික වටයේ සෙසු තරගවලදී කොරියාව, සිංගප්පූරුව සහ ස්ලෝවැකියාව හමුවේ තරග 4-1 ක් ලෙස පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට තරගාවලියේ 25 වැනි ස්ථානයත් 32 වැනි ස්ථානයත් අතර ස්ථානයක් සඳහා තරග වැදීමට සිදුවිය.

ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 3-2 ක ජයක්ද, ලිතුවේනියාවට එරෙහිව තරග 3-0 ක ජයක්ද හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. කෙසේ වුවත් තරගාවලියේ 25 වැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී කැනඩාව හමුවේ තරග 3-1 ක් ලෙස පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවට 26 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේදී ශ්‍රී ලංකාව සහභගි වූ තරග 7 න් 6 කදීම බාලිකා කේවල තරගය ජයගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඩිල්මි ඩයස් සමත් වූවාය. බාලක කේවල තරග සඳහා ක්‍රීඩා කළ ලෝචන ද සිල්වා තරග 7 කින් 3 ක් ජයගැනීමට සමත් විය. යුගල ඉසව් සඳහා ක්‍රීඩා කළ චමත් ඩයස් සහ අනුරංගි මසකෝරලද ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණ 3 කට බැගින් දායක වූහ.

ලෝචන ද සිල්වා, චමත් ඩයස්, තුලිත් පල්ලියගුරු, විරේන් නෙත්තසිංහ සහ චරිත් ඉල්පෙරුම යන ක්‍රීඩකයෝ සහ ඩිල්මි ජයස්, අනුරංගි මස්කෝරල, පංචාලි අධිකාරි, චමුදි අබේවික්‍රම සහ ජනනුවනි අමන්දා යන ක්‍රීඩිකාවෝ මෙම තරගවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරති.

හිටපු ජාතික බැඞ්මින්ටන් ශූරියක් මෙන්ම ඔලිම්පික් බැඞ්මින්ටන් ක්‍රීඩිකාවක්ද වන තිළිණි ජයසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණය ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමයේ ලේකම් සමන් විජේසිංහ මහතා කලමණාකරු ලෙසද, මාලිකා වඩුගේ මහත්මිය බාලිකාවන් භාර නිලධාරිණිය ලෙසද කණ්ඩායමට එක්ව සිටිති.

තරගාවලියේ කේවල සහ යුගල ඉසව් මේ මස 7 වැනිදා සිට 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකාව තරග 4-1 ක් ලෙස පේරු රාජ්‍යය පරාජය කරන ලදි.

මිශ්‍ර යුගල
මරියානෝ නොවෝආ සහ මෙන්ඩෝසා රොසෙල් විසින් වට 2-0 ක් ලෙස තුලිත් තෙව්මික සහ අනුරංගි මසකෝරල පරාජය කරන ලදහ. (22/20, 21/15)

බාලිකා කේවල
ඩිල්මි ඩයස් විසින් වට 2-0 ක් ලෙස සපොනාරා රිව්වා පරාජය කරන ලදි. (21/13, 21/14)

බාලක කේවල
ලෝචන ද සිල්වා විසින් වට 2-1 ක් ලෙස නිකලස් මැසියස් පරාජය කරන ලදි. (21/16, 19/21, 21/15)

බාලිකා යුගල
ඩිල්මි ඩයස් සහ අනුරංගි මසකෝරල විසින් වට 2-0 ක් ලෙස ෆ්ලෝරස් වස්කුඒසා සහ සපොනාරා රිව්වා පරාජය කරන ලදහ. (21/15, 21/16)

බාලක යුගල
ලෝචන ද සිල්වා සහ තුලිත් තෙව්මික විසින් වට 2-0 ක් ලෙස නිකලස් මැසියස් සහ බ්‍රයන් රොද්‍රිගූ පරාජය කරන ලදහ. (21/13, 21/16)


කොරියාව තරග 4-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.

මිශ්‍ර යුගල
සෙයොන්ග් මින් ජෝ සහ යුන් ජූ කිම් විසින් වට 2-0 ක් ලෙස තුලිත් තෙව්මික සහ අනුරංගි මසකෝරල පරාජය කරන ලදහ. (21/13, 21/09)

බාලිකා කේවල
ඩිල්මි ඩයස් විසින් වට 2-0 ක් ලෙස නා රින් ලී පරාජය කරන ලදි. (21/17, 21/12)

බාලක කේවල
බ්යුන්ග් ජායි කිම් විසින් වට 2-0 ක් ලෙස ලෝචන ද සිල්වා පරාජය කරන ලදි. (21/12, 21/15)

බාලිකා යුගල
ඩා යොඕන් ජෙඕන්ග් සහ ඒයි ලින් කිම් විසින් වට 2-0 ක් ලෙස පංචාලි ජනෝද්‍යා සහ චමුදි අබේවික්‍රම පරාජය කරන ලදහ. (21/02, 21/06)

බාලක යුගල
යුන් සෙඕන්ග් ඒන් සහ යූ ජුන් ලී විසින් වට 2-0 ක් ලෙස චමත් ඩයස් සහ චරිත් ඉලේපෙරුමාරච්චි පරාජය කරන ලදහ. (21/09, 21/09)  


සිංගප්පූරුව තරග 4-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.

මිශ්‍ර යුගල
වොන්ග් සූන්ග් ඩැරියන් සහ ඔන්ග් ක්ෂි කුයින් විසින් වට 2-0 ක් ලෙස චමත් ඩයස් සහ අනුරංගි මසකෝරල පරාජය කරන ලදහ. (21/09, 21/15)

බාලිකා කේවල
ඉන්සයිරා ඛාන් විසින් වට 2-0 ක් ලෙස ඩිල්මි ඩයස් පරාජය කරන ලදි. (21/05, 21/18)

බාලක කේවල
මින්ග් නයිජල් යැප් විසින් වට 2-1 ක් ලෙස ලෝචන ද සිල්වා පරාජය කරන ලදි. (22/24, 21/12, 21/10)

බාලිකා යුගල
ඩිල්මි ඩයස් සහ අනුරංගි මසකෝරල විසින් වට 2-1 ක් ලෙස යූ හන් ජොයි සහ ලී ෂින්යි මේගන් පරාජය කරන ලදහ. (21/19, 17/21, 21/19)

බාලක යුගල
ජියා හාඕ හොවින් සහ චුවාන් ෂෙන් ඒරන් විසින් වට 2-1 ක් ලෙස ලෝචන ද සිල්වා සහ තුලිත් තෙව්මික පරාජය කරන ලදහ. (16/21, 21/10, 21/10)  


ස්ලෝවැකියාව තරග 4-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.

මිශ්‍ර යුගල
ජකූබ් හෝරක් සහ මියා ටකලෝවා විසින් වට 2-0 ක් ලෙස චමත් ඩයස් සහ අනුරංගි මසකෝරල පරාජය කරන ලදහ. (21/17, 21/17)

බාලිකා කේවල
ඩිල්මි ඩයස් විසින් වට 2-0 ක් ලෙස සොෆියා ස්ලෝසියාරිකෝවා  පරාජය කරන ලදි. (21/08, 21/11)

බාලක කේවල
ඇන්ඩ්‍රිජ් ඇන්ටොස්කා විසින් වට 2-0 ක් ලෙස ලෝචන ද සිල්වා පරාජය කරන ලදි. (21/19, 21/12)

බාලිකා යුගල
මියා ටකලෝවා සහ ලුසියා වොජ්ටෙකෝවා විසින් වට 2-0 ක් ලෙස ඩිල්මි ඩයස් සහ අනුරංගි මසකෝරල පරාජය කරන ලදහ. (21/19, 21/16)

බාලක යුගල
ඇන්ඩ්‍රිජ් ඇන්ටොස්කා සහ ජකූබ් හෝරක් විසින් වට 2-0 ක් ලෙස ලෝචන ද සිල්වා සහ තුලිත් තෙව්මික පරාජය කරන ලදහ. (21/18, 21/11)


ශ්‍රී ලංකාව තරග 3-2 ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජය කරන ලදි.

මිශ්‍ර යුගල
ජැක් යූ සහ ඇන්ජෙලා යූ පරාජය විසින් වට 2-1 ක් ලෙස චමත් ඩයස් සහ අනුරංගි මසකෝරල කරන ලදහ. (21/16, 19/21, 21/17)

බාලිකා කේවල
ඩිල්මි ඩයස් විසින් වට 2-0 ක් ලෙස කයිට්ලින් ඒයා පරාජය කරන ලදි. (21/19, 21/18)

බාලක කේවල
ලෝචන ද සිල්වා විසින් වට 2-0 ක් ලෙස රියෝ ඔගස්ටිනෝ පරාජය කරන ලදි. (21/14, 21/15)

බාලිකා යුගල
වික්ටෝරියා හේයි සහ ඇන්ජෙලා යූ විසින් වට 2-0 ක් ලෙස ඩිල්මි ඩයස් සහ අනුරංගි මසකෝරල  පරාජය කරන ලදහ. (21/11, 21/10)

බාලක යුගල
චමත් ඩයස් සහ තුලිත් තෙව්මික විසින් වට 2-0 ක් ලෙස රිකී ටැන්ග් සහ ඔටෝ ක්ෂින්ග් පරාජය කරන ලදහ. (21/18, 21/17)


ශ්‍රී ලංකාව තරග 3-0 ක් ලෙස ලිතුවේනියාව පරාජය කරන ලදි.

මිශ්‍ර යුගල
චමත් ඩයස් සහ අනුරංගි මසකෝරල පරාජය විසින් වට 2-1 ක් ලෙස ජොනාස් පෙට්කස් සහ ගබීජා මොකුටී කරන ලදහ. (20/22, 21/18, 21/15)

බාලක කේවල
ලෝචන ද සිල්වා විසින් වට 2-0 ක් ලෙස ඩැනියෙලුස් බර්සැන්ස්කිස් පරාජය කරන ලදි. (21/10, 21/12)

බාලිකා කේවල
ඩිල්මි ඩයස් විසින් වට 2-0 ක් ලෙස සමන්තා ගොලුබිකයිට් පරාජය කරන ලදි. (21/04, 21/13)
කැනඩාව තරග 3-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.

බාලක කේවල
බ්‍රයන් යැන්ග් විසින් වට 2-0 ක් ලෙස ලෝචන ද සිල්වා පරාජය කරන ලදි. (21/13, 21/10)

බාලිකා කේවල
වෙන් යූ සැහාන්ග් විසින් වට 2-0 ක් ලෙස ඩිල්මි ඩයස් පරාජය කරන ලදි. (21/11, 21/18)

බාලක යුගල
චමත් ඩයස් සහ තුලිත් තෙව්මික විසින් වට 2-0 ක් ලෙස ඇලෙක්සැන්ඩර් බියෑන්චිනි සහ යුන්ස්හි චෙන් පරාජය කරන ලදහ. (21/11, 27/25)

බාලිකා යුගල
කැතරීන් චෝයි සහ ටැලීයා නැග් විසින් වට 2-0 ක් ලෙස පංචාලි ජනෝද්‍යා සහ අනුරංගි මසකෝරල පරාජය කරන ලදහ. (21/08, 21/13)

 


අදහස් (0)

ශ්‍රී ලංකාව මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ 26 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.