Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව මැලේසියාවේදී පුහුණු තරග 2 ක

ශ්‍රී ලංකාව මැලේසියාවේදී පුහුණු තරග 2 ක

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවට එරෙහිව පුහුණු තරග දෙකකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මේ මස 30 වැනිදා මැලේසියාව බලාපිටත්ව යෑමට නියමිතය. ශ්‍රී ලංකා පිල මැයි මස 2 සහ 4 දෙදින ක්වාලාම්පූර්හිදී තරග දෙකකට සහභාගි වීමට සැළසුම් කර තිබේ. 

චීන තායිපේහිදී ලබන මැයි මස අගදී පැවැත්වෙන ආසියානු පළමු කොටසේ තරගාවලිය සඳහා පෙර පුහුණුවීමක් ලෙස මෙම තරග දෙකට සහභාගි වෙයි. 

ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස මහනුවර පිලේ නායක රොෂාන් වීරරත්න නම් කර ඇති අතර පසුගියදා කොළඹදී පැවැති කොළඹ පිල සහ පිට පළාත් පිල අතර තරගයෙන් 39 දෙනකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන තිබේ. මෙම සංචිතය ඉදිරියේදී 25 ක් දක්වා අඩු කිරීමට නියමිතය. 

මෙම සංචිතයට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෝ 8 ක් සහ මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෝ 7 ක් ඇතුළත්ව සිටිති.  

ශ්‍රී ලංකා රග්බි සංචිතය:
රොෂාන් වීරරත්න (නායක), යකූබ් අලී, උචිත ජයසූරිය, මොහොමඞ් ශබීර්, සයුරු ඇන්තනී, තරිඳු චතුරංග සහ තිළිණ වීරසිංහ (මහනුවර ක්‍රීඩා සමාජය), ෆායිෂ් අබ්දුල්ලා, අෂ්මීර් ෆජුඩීන්, උමේෂ් මධුෂාන්, ලසිඳු ඉෂාන්, මිතුන් හපුගොඩ, සන්දේෂ් ජයවික්‍රම, දිනුක් අමරසිංහ සහ තීක්‍ෂණ දිසානායක (හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය), ජේසන් මිල්ඩර්, සත්‍යා රණතුංග, ප්‍රසාද් මධුසංඛ, සජිත් සාරංග, නිවංක ප්‍රසාද්, සුදර්ශන මුතුතන්ත්‍රී, සැමුවෙල් මධුවන්ත සහ අනුරාධ හේරත් (සී.එච්. ඇන්ඞ් එෆ්.සී.), ඔමල්ක ගුණරත්න, රාහුල් ද සිල්වා, කවිඳු පෙරේරා, කෙවින් ඩික්සන් සහ රීසා රෆයිඩීන් (සී.ආර්. ඇන්ඞ් එෆ්.සී.), කසුන් ද සිල්වා, බුද්ධිම පියරත්න, මොහොමඞ් අබ්සාල් සහ ගිහාන් පෙරේරා (නාවික හමුදා), චාල්ස් ප්‍රවීන්, තිළිණ බණ්ඩාර සහ නුවන් පෙරේරා (ගුවන් හමුදාව), ප්‍රභාත් කුමාර, අෂාන් බණ්ඩාර සහ සුදාකර දික්කුඹුර (යුද හමුදාව) සහ සචිත් සිල්වා (පොලිසිය)


අදහස් (0)

ශ්‍රී ලංකාව මැලේසියාවේදී පුහුණු තරග 2 ක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.