Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව 2-1 කින් ඉරානය පරදවයි

ශ්‍රී ලංකාව 2-1 කින් ඉරානය පරදවයි

ශානුක අරවින්ද - 2019 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තජිකිස්තානයේ දුෂාන්බි නුවරදී පැවැති සම්මේලන කුසලාන (ෆෙඞ් කප්) ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කළාපීය II වැනි කොටසේ තරගයකදී ඉරානයට එරෙහිව 2-1 ක ජයක් අතර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (12 වැනිදා) සමත් වූහ. කේවල තරග 2 කින් සහ යුගළ තරගයකින් සමන්විත වූ එම තරගයෙන් ජය ලැබීමත් සමග II වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

ඉරානයට එරෙහිව පැවැති පළමු කේවල තරගයේදී වට 2-0 ක් ලෙස දෝර්සා චෙරාඝි පරාජය කිරීමට සමත් වූ අංජලිකා කුරේරා තරග 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණට ගෙන ආවාය. කෙසේ වුවත් දෙවැනි කේවල තරගයේදී මාතා ඛන්ලෝ හමුවේ වට 2-1 ක් ලෙස සවිනි ජයසූරිය පරාජයට පත්වීම හේතුවෙන් තරගය 1-1 ක් ලෙස සම තත්වයට පත්විය.

කණ්ඩායම් දෙකටම තීර්ණාත්මක වූ යුගල තරගයේදී කිමියා අස්බඝිපොර් සහ මාතා ඛන්ලෝට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කළ ජනාලි මනම්පේරි සහ රුක්ෂිකා විජේසූරිය සමස්ත තරගයෙන් ශ්‍රී ලංකාවට 2-1 ක ජයක් අත්කර දීමට සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය II වැනි කොටසේ ‘බී’ කාණ්ඩය යටතේ සිංගප්පූරුවට එරෙහිව ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිතය. එම තරගයෙන්ද ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුවහොත්, ඔවුන්ට ෂෂ වැනි කොටසේ ශූරියන් තේරීමේ තරගයේදී ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායමට එරෙහිව තරග වැදීමට සිදුවනු ඇත.


ශ්‍රී ලංකාව සහ ඉරානය අතර තරගය
■    අංජලිකා කුරේරා (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස දෝර්සා චෙරාඝි (ඉරානය) පරාජය කරන ලදි. (6/4, 6/2)
■    මාතා ඛන්ලෝ (ඉරානය) විසින් වට 2-1 ක් ලෙස සවිනි ජයසූරිය (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (2/6, 6/0, 6/0)
■    ජනාලි මනම්පේරි සහ රුක්ෂිකා විජේසූරිය (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස කිමියා අස්බඝිපොර් සහ මාතා ඛන්ලෝ (ඉරානය) පරාජය කරන ලදහ. (6/3, 6/4)

 


අදහස් (0)

ශ්‍රී ලංකාව 2-1 කින් ඉරානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.