Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දෙවැනි වටයට

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දෙවැනි වටයට

ශනුක අරවින්ද - 2018 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හයවැනි දිනය වූ අද (10 වැනිදා) පැවැති බැඩ්මින්ටන් ඉසව්වල මූලික තරගවලට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාම එහිදී ජයග්‍රහණ ලබා දෙවැනි වටවලට සුදුසුකම් ලබාගත්හ.

පිරිමි කේවල ඉසව්වට සහභාගි වූ බුවනෙක ගුණතිලක, නිලූක කරුණානායක සහ දිනූක කරුණානායක යන ක්‍රීඩකයන් ඔවුන් තරග වැඳුණ මූලික වටයේ තරගවලදී පිළිවෙලින් පාකිස්තාන, ෆෝක්ලන්ඞ් දූපත් සහ සීශෙල්ස් ක්‍රීඩකයන් පරාජය කළහ.

අද පැවැති කාන්තා කේවල ඉසව්වේ මූලික වටයට සහභාගි වූ එකම ශ්‍රී ලංකා ක්‍රීඩිකව වූ හසිනි අම්බලන්ගොඩ එහිදී ජර්සි දූපත්හි එමිලි රෙඞ්ෂොව් පරාජය කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තාය.

සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා උගන්ඩා කණ්ඩායම පරාජය කරමින්ද, බුවනෙක ගුණතිලක සහ කවිඳි සිරිමාන්නගේ ගයානා කණ්ඩායම පරාජය කරමින්ද මිශ්‍ර යුගල ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ.

පිරිමි කේවල මූලික වටය

  • බුවනෙක ගුණතිලක (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මුරාද් අලී (පාකිස්තානය) පරාජය කරන ලදි. (21/16, 21/19)
  • නිලූක කරුණානායක (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස ක්‍රිස්ටෝපර් අයිනෝන් (ෆෝක්ලන්ඞ් දූපත්) පරාජය කරන ලදි. (21/8, 21/7)
  • දිනූක කරුණානායක (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස කර්වින් ගිස්ලේන් (සීශෙල්ස්) පරාජය කරන ලදි. (21/7, 21/10)

කාන්තා කේවල මූලික වටය

  • හසිනි අම්බලන්ගොඩ (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස එමිලි රෙඞ්ෂොව් (ජර්සි) පරාජය කරන ලදි. (21/18, 21/11)

මිශ්‍ර යුගල මූලික වටය

  • සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස එඞ්වින් එකිරින්ග් සහ ෂමිම් බැන්ගි (උගන්ඩා) පරාජය කරන ලදි. (21/17, 21/9)
  • බුවනෙක ගුණතිලක සහ කවිඳි සිරිමාන්නගේ (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස ඒබ්‍රහම් ඇයිටී සහ ගිෆ්ටි මෙන්සා (ගයානා) පරාජය කරන ලදි. (21/7, 21/9)

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.