Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා - සිංගප්පූරු තරගය හෙට

ශ්‍රී ලංකා - සිංගප්පූරු තරගය හෙට

editorial - 2019 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සුසිල් ප්‍රේමලාල් සිංගප්පූරුවේ සිට)

සිංගප්පූරුවේ දැන් පැවැතවෙන එයාර් ඒෂියා කාන්තා කණිෂ්ඨ (AHF) හොකී තරගාවලියේදී පිට පිටම තරග 2 කින් පරාජයට පත්ව සිටින ශ්‍රී ලංකාව හෙට (12) සත්කාරක සිංගප්පූරුව සමග තරග වදිනු ඇත.

ආසියානු කලාපයට අයත් රටවල් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියෙදී ශ්‍රී ලංකාව පළමුව මුහුණදුන් තරගයෙන් චීන තායිපේ පිල හමුවේ ගෝල 0-6 ක් ලෙසද, බංග්ලාදේශ පිල හමුවේ ගෝල 0-2 ක් ලෙසද පරාජයට පත්විය.

මේ වනවිට චීන තායිපේ සහ සිංගප්පූරුව අපරාජිතව තරග 2 බැගින් ජයලබා පෙරමුණේ සිටියි. අද (11) දිනය තරගාවලියේ පළමු විවේක දිනය විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ පෙරවරුවේ පුහුණු සැසියකට සහභාගි වූ අතර, සවස් වරුවේ සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකාරාම විහාරස්ථානයට ගොස් එහි විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ආශීර්වාද ලබාගැනීම විශේෂත්වයක් විය.

“ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැන් ක්‍රමයෙන් තරගාවලියට අවතීර්ණ වී ඇති බව පේනවා. ඔවුන් අතින් පළමු තරගයේදී සිදුවූ බොහෝ වැරදි දෙවන තරගයේදී දක්නට ලැබුණේ අඩුවෙන්”

“අපේ ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකාවේදී කණ්ඩායමක් ලෙස පුහුණුවීම් අවස්ථා හා කාලය වැඩිවූවා නම් කණ්ඩායමට මීට වඩා හොඳ තරගයක් දෙන්න තිබුණා. ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ පරිපාලනය සහ කණ්ඩායම් ප්‍රධානීන් විශාල උත්සාහයක් ගත්තා එම අඩුපාඩු මගහරවා ගැනීමට. අවාසනාවකට එය මගහැරී ගියා. තරගාවලියට සහභාගි වීම සඳහා සිංගප්පූරුවට එන දිනයට පෙර දිනයේදී තමයි අපේ කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණේ.” යැයි කණ්ඩායම් පුහුණුකරු මිලාන් බොතේජු මහතා සහ කළමනාකාරිනී නිලූකා විජේකෝන් මහත්මිය පැවසූහ.

මේ අතර තරගාවලිය නියෝජනය කරන රටවල් අතරින් (තරග 2ක් අවසන් වනවිට) එකම ගෝලයක් හෝ වාර්තා නොකළ රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටී.

 


අදහස් (0)

ශ්‍රී ලංකා - සිංගප්පූරු තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.