Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇමරිකාවේ දොරටු ඇරෙයි

වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇමරිකාවේ දොරටු ඇරෙයි

editorial - 2020 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොරෝනා වසංගතය හේතුවෙන් රට තුළට අතුළු වීමේ තහනමකට මුහුණ දී සිටි ඇමරිකා එක්සත් ජනපදයේ වෘත්තීය ක්‍රීඩා ඉසව්වලට සහභාගි වන විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම තහනමෙන් නිදහස් කිරීමට එක්සත් ජනපද රජය පියවර ගෙන ඇතැයි එරට වැඩබලන ස්වදේශ ආරක්ෂක ලේකම් චැඞ් වුල්ෆ් මහතා පැවසීය.

“මේ වන විට පවතින තත්ත්වය තුළ ඇමරිකානුවන්ට ඔවුන්ගේ ක්‍රීඩා අවශ්‍යයි. දැන් ආර්ථිකය නැවත විවෘත කිරීමට කාලය එළඹ තිබෙනවා. අපගේ වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැවත සේවයට බඳවා ගැනීමේ කාලය මෙයයි.” යැයි වුල්ෆ් මහතා එහිදී සඳහන් කළේය.  විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රට තුළට ඇතුළත් වීමේ තහනමෙන් නිදහස් කිරීම සඳහා තමා නියෝගයකට අත්සන් කළ බවද හෙතෙම නිවේදනයක් නිකුත් කරමින් වැඩි දුරටත් කියා සිටියේය.

මාස දෙකකට අධික කාලයක් කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දැඩි පියවර ගැනීමෙන් පසු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ පාලනය විසින් එක්සත් ජනපද ආර්ථිකය නැවත විවෘත කිරීමට පෙළඹී සිටියි.

කොරෝනා වයිරසය නිසා මේ වන විට පුද්ගල මරණ 99ණි300 කට වැඩි ප්‍රමාණයක් සහ මිලියන 1.57 කට වැඩි ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇති එක්සත් ජනපදයේ සියලුම ක්‍රීඩා මීට මාස දෙකක්ට පමණ පෙර නවතා දැමීමට එරට රජය පියවර ගත්තේය. වසංගතයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපද රජය වසංගතය ආරම්භ වූ චීනයේ මෙන්ම ඉරානයේ සහ යුරෝපයේ බොහෝ ප්‍රදේශවල සංචාරකයින්ට එක්සත් ජනපදයට ඇතුළු වීමත් තහනම් කර තිබේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ක්‍රීඩා ලීගවලට අනුයුක්තව සේවය කරන විදෙස් පුහුණුකරුවන්, කලමණාකරුවන් සහ අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන්ද මෙම තහනමෙන් නිදහස් කිරීමට එක්සත් ජනපද රජය තීරණය කර තිබේ.

නිදහස් කිරීම් වලින් ආවරණය වන ක්‍රීඩා ලීග සහ සංගම් අතරට පැසිපන්දු ලීගය, ජාතික පැසිපන්දු සංගමය, කාන්තා පැසිපන්දු සංගමය, වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයින්ගේ සංගමය, කාන්තා වෘත්තීය ගොල්ෆ් සංගමය, ජාතික හොකී ලීගය, ටෙනිස් වෘත්තිකයන්ගේ සංගමය සහ ටෙනිස් ක්‍රීඩිකාවන්ගේ සංගමය ඇතුළත්වී ඇත.
 
-036


අදහස් (0)

වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇමරිකාවේ දොරටු ඇරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.