Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විශේෂ මහ සභාව අද

විශේෂ මහ සභාව අද

නාමල් පතිරගේ - 2020 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ දැනට හිස්ව පවතින සභාපති හා ප්‍රධාන ලේකම් යන ධූර පිරවීම සඳහා ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් අද (17) පෙරවරු ක්‍රීඩා අමාත්‍යාංශයේ ‘ඩන්කන් වයිට්’ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ජිම්නාස්ටික් සංගමයේ මෙතෙක් සභාපතිධුරය දැරූ කමල් සංජීව පෙරේරා හා ලේකම්ධුරය දැරූ මිල්රෝයි ජයමාන්න යන මහත්වරුන්ගේ ඉල්ලා අස්වීමෙන් මෙම තනතුරු පුරප්පාඩු විය. එම ධුර සඳහා අද කැඳවෙන විශේෂ මහා සභා රැස්වීමේදී  තාවකාලිකව පත් කිරීම් සිදුකරනු ඇතැයි ද වාර්තා වේ.

ඒ අනුව සභාපති ධුරයට නාමයෝජනා ඉදිරිපත් කර ඇති ගාල්ල දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමයේ සභාපති කෝකිල නිමේෂ් කළුආරච්චි හා ප්‍රධාන ලේකම් ධූරයට නාමයෝජනා ඉදිරිපත් කර ඇති කපිල ජිවන්ත යන මහත්වරුන්ගේ නාම යෝජනා  අද විශේෂ මහ සභා රැස්විමේදී අනුමත වීමෙන් පසුව ඔවුන් ඒ සඳහා තාවකාලිකව පත්වනු ඇතැයි ජිම්නාස්ටික් සංගම් ආරංචි මාර්ග සඳහන් කරයි.  

ජිම්නාස්ටික් සංගමයේ වසර කීපයක් තිස්සේ පවතින  පරිපාලන ආරවුල් හේතුවෙන් මේ වන විට සම්මේලනයේ ක්‍රියාකාරිත්වය අඩපණවී තිබේ. පසුගිය අප්‍රේල් 29 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ජිම්නාස්ටික් සංගමයේ නිලවරණය විරෝධතා ඉදිරිපත් වීම හේතුවෙන් අවස්ථා කීපයකදීම අත්හිටුවීමට සිදුවිය.

නිලවරණය මෙහෙයවීම සඳහා පත්කර තිබූ නිලවරණ කමිටුවටද පක්‍ෂග්‍රාහීව කටයුතු කිරීම ගැන චෝදනා එල්ල විය. ඒ අතර නැවත 2019 ජුලි 27 වැනිදා නිලවරණය කැඳවීමට ගත් උත්සාහයද අසාර්ථක වූයේ ජිම්නාස්ටික් සංගමයේ පරිපාලන අර්බුදය තවදුරටත් උත්සන්නවී තිබුණු බැවිනි. අද විශේෂ මහ සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට අනුව නිලවරණය වහාම කැඳවීම සඳහා නිලවරණ කමිටුවක් බල ගැන්වීමද සිදු කෙරේ.

සම්මේලනයේ පරිපාලන අර්බුද හේතුවෙන් ජාතික ජිම්නාස්ටික් ශූරතාවලිය (2019) මෙතෙක් පැවැත්වීමට නොහැකිවී තිබේ. කෙසේ වුවත් 2019 ජාතික කනිෂ්ඨ ජිම්නාස්ටික් ශූරතාවලිය පැවැත්වීමට සංගමය කටයුතු කළත් එය සංවිධානය කළේ ප්‍රාදේශීය ජිම්නාස්ටික් සංගම් 16ක විරෝධතා නොතකා බවත් වාර්තා වේ. ඒ එය සිසුන්ගේ විභාග පැවැත්වෙන කාල සීමාව ගැන නොතකා පැවැත්වීමට කටයුතු කළ බවට සංගමයට චෝදනා කරමිනි.

ජිම්නාස්ටික් පරිපාලන ආරවුල් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග සහභාගිත්වය පසුගිය කාලයේ අඩපණ කිරීමට හේතුවූ බවද චෝදනා නැගේ. ඒ පිළිබඳව තතු දන්නෝ පවසන්නේ එළඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවට පංගු ක්‍රමය (වයිල් කාඞ්) යටතේ ක්‍රිඩිකාවක් නිර්දෝෂ කිරීමේ හැකියාව මේ වනවිට ලැබී තිබුණත් ජිම්නාස්ටික් සංගමය අක්‍රියවීමෙන් ඒ සඳහා අපේක්‍ෂාවෙන් සිටින ක්‍රීඩිකාව දැඩි ලෙස දුෂ්කරතාවට පත්ව තිබෙන බවයි.


අදහස් (0)

විශේෂ මහ සභාව අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.