Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වසර හතරකට පසු හොකී නිලවරණය අද

වසර හතරකට පසු හොකී නිලවරණය අද

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යාංශය හා අතුරු කමිටු බාරයේ වසර හතරක් පුරා පැවැති හොකී පරිපාලනය ශ්‍රී ලංකා හොකී සම්මේලනයට යළි පැවරෙන නිලවරණය හෙට (10 වැනිදා) පෙරවරු 10.00 ට රීඞ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
 
ඒ සඳහා ප්‍රධාන පාර්ශ්ව දෙකක් නාමයෝජනා බාරදී තිබේ. වෙළෙඳ සේවා හොකී සංගමයේ සභාපති මංජුල විජේමාන්න හා කළුතර දිස්ත්‍රික් හොකී සංගමයේ සභාපති පී. විශ්වනාදන් යන මහත්වරු හොකී සම්මේලනයේ සභාපති ධුරයට තරග වදිති. 
 
වසර 2006 සිට හොකී සම්මේලනයේ පරිපාලන කටයුතු අත්හිටුවන ලද අතර 2014 දක්වා දීර්ඝ කාලයක් සභාපති ධුරය දැරූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා මෙවර පී. විශ්වනාදන් මහතාගේ පාර්ශ්වයෙන් ලේකම් ධුරයට තරග වදියි. ඔහු ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයෙකි. 
 
දේශීය හොකී පරිපාලනයේ පාර්ශ්ව අතර දිගින් දිගටම ඇතිවූ ආරවුල් හොකී සම්මේලනයේ වසර කීපයකට ක්‍රියාකාරිත්වය අඩපණවීමට හේතුවිය. 
 
2015 මාර්තු 31 වැනිදා අවසන්වරට පැවැත්වීමට සූදානම් කර තිබූ නිලවරණයට එරෙහිව අභියාචනාධිකරණයේ පැවරූ නඩුවක් හේතුවෙන් එදින එය පැවැත්වීම අත්හිටුවීමට සිදුවිය. ඊට ආසන්නතම සිදුවීම වූයේ දිස්ත්‍රික් සංගම් අටක් එකතුව එම නිලවරණයට ඉදිරිපත් කළ නාමයෝජනා භාර ගත් අවසන් දිනයේදී විනාඩි හතරක ප්‍රමාදයක් හේතුවෙන් එම භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ සිදුවීමකි. 
 
එදින නාමයෝජනා භාර ගැනීම ක්‍රීඩා අමාත්‍යාංශයේ දෙවෙනි මහලේ සිදු කරන බව ප්‍රකාශ වී තිබුණු අතර පසුව සිව්වැනි මහලේදී  නාමයෝජනා බාර ගන්නා බවට නිවේදනය කෙරිණ. විනාඩි හතරක ප්‍රමාදය සම්බන්ධයෙන් එම අවස්ථාවේදී ඉදිරිපත්වූ අභියාචනය ප්‍රතික්ෂේප වීමෙන් පසු අගතියට පත්වූ බව කියන පාර්ශ්වය අභියාචනාධිකරණයේ නඩු පැවරීමට ක්‍රියා කළේය. 
 
ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයේ පසුගිය වසර කීපයේදී දේශීය හොකී පරිපාලනය පැවැති අවස්ථාවේදී ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ හොකී කණ්ඩායම් වල විදෙස් තරග සංචාර සඳහා අනුග්‍රහය ලැබුණත් එකී කාලය තුළදී රටේ හොකී ක්‍රීඩාව තවදුරටත් කඩා වැටුණු බවට චෝදනා එල්ල විය. මෑතකදී ක්‍රීඩා අමාත්‍යාංශය දේශීය හොකී පරිපාලනය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මුදවා අතුරු කමිටුවකට පවරනු ලැබීය. එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාය.
 
වසර කීපයක්ම දේශීය හොකී පරිපාලනය හොකී සම්මේලනයෙන් ගිලිහී ගොස් තිබුණ ද අන්තර් ජාතික හොකී සම්මේලනය හා ආසියානු හොකී සම්මේලනය එතෙක් සම්මේලනයේ කටයුතු කළ සුමිත් එදිරිසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එහි පැවැති නිලධාරි මණ්ඩලයට ශ්‍රී ලංකාවේ නිල පිළිගැනීම දිගටම ලබාදී තිබූ බව ද වාර්තා වේ.
 
අද පැවැත්වෙන නිලවරණයට හොකී සම්මේලනයේ අනුබද්ධ හා දිස්ත්‍රික් සංගම් 15ක නියෝජිතයෝ සහභාගි වෙති. 
හොකී සම්මේලනයේ නිලවරණයට ඉදිරිපත් වූ නාමයෝජනා.
 
සභාපති ධුරයට (තනතුරු 1 යි)
මංජුල විජේමාන්න (වෙළඳසේවා), රසන්ත ලියනගේ (රාජ්‍ය සේවා) සහ පී. විශ්වනාදන් (කළුතර) යන මහත්වරු.
 
ලේකම්ධුරයට (තනතුරු 1 යි)
ඊ. මහේස්වරන් (මහනුවර), බී.එන්.එස්.ඩී. බණ්ඩාරනායක (ජනසතු සේවා) සහ සුමිත් එදිරිසිංහ (ගම්පහ).
 
උප සභාපති ධුර (තනතුරු 5 යි)
කේ.ඩී. ද සිල්වා (වෙළඳසේවා), පී.ඩී. මදිහලගන් (යාපනය), එම්. බාරි (වෙළෙඳ සේවා), එන්.එස්. ද සිල්වා විජේරත්න (කොළඹ), ඩබ්ලිව්.එම්.ඩී.ටී.පී. වනසිංහ (පාසල්), ඩබ්ලිව්.එම්.පී. ප්‍රනාන්දු (වෙන්නපපුව), ජේ.ජී. ජයසිංහ (ගම්පහ), කේ. ජයරත්නම් (රාජ්‍ය සේවා), දර්ශන සම්පත් විජේසිංහ (රාජ්‍ය සේවා) සහ ජී.එච්.ජේ.කේ. ගනේගොඩ (ගාල්ල).
 
උප ලේකම් ධුරයට (තනතුරු 1 යි)
බී.එම්.ඩී.ටී. බස්නායක (ජනසතු සේවා), ශම්මික විහඟපොල (වෙළෙඳසේවා). 
 
භාණ්ඩාගාරික ධුරයට (තනතුරු 1 යි)
සී.ජේ. සුදුආරච්චි (වෙළඳ සේවා) සහ ගයා පෙරේරා (ගම්පහ)
 
උප භාණ්ඩාගාරික ධුරය (තනතුරු 1 යි)
ඩී.එම්. වීරසූරිය (මාතලේ) සහ පී.එස්. කපුකොටුව (කළුතර) 
 

අදහස් (0)

වසර හතරකට පසු හොකී නිලවරණය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.