Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලූකා - සවිනි ශූරතා දිනාගනිති

ලූකා - සවිනි ශූරතා දිනාගනිති

ශානුක අරවින්ද - 2021 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ සංවිධානයෙන් එම සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති එස්.එස්.සී. විවෘත ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ලූකා නීස් සමත් විය. එහි කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට සවිනි ජයසූරියද සමත් වූවාය.

ලූකා මීගමුව එන්.අයි.සී.ඊ. ජාත්‍යන්තර පාසලේද, සවිනි කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේද ඉගෙනුම ලබති. පසුගියදා පැවැති ජාතික ටෙනිස් තරගාවලියේ කනිෂ්ඨ කේවල ශුරතා දිනාගන්නා ලද්දේද ලූකා නීස් සහ සවිනි ජයසූරිය විසිනි.

පිරිමි කේවල අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 6/3 ක් ලෙස විබුද විජේබණ්ඩාර හමුවේ පරාජයට පත්වූ ලූකා, දෙවැනි වටය 6/0 ක් ලෙසද, තෙවැනි වටය 6/1 ක් ලෙසද ජයගනිමින් වට 2-1 ක් ලෙස එහි ශූරතාව තමන් සතු කරගත්තේය.

පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස සංඛ අතුකෝරළ පරාජය කරමින් විබුද අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ලූකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස කිරාන් වයිරවනාදන් පරාජය කරමිනි.

කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ජනලි මනම්පේරි පරාජය කරමින් සවිනි ජයසූරිය එහි ශූරතාවට හිමිකම් කීවාය. එහිදී පළමු වටය ලකුණු 6/1 ක් ලෙස ජයගත් සවිනි, දෙවැනි වටය ජයගත්තේ ලකුණු 6/4 ක් ලෙසිනි.

පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස දිනෙත්යා ධර්මරත්න පරාජය කළ ජනලි අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තාය. සවිනි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස ටානියා දෙළොස්වල පරාජය කරමිනි.

 


අදහස් (0)

ලූකා - සවිනි ශූරතා දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.