Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රෙඞ් ස්ටාර් පිලට ගෝල 7-1 ක පහසු ජයක්

රෙඞ් ස්ටාර් පිලට ගෝල 7-1 ක පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී නිගම්බු යූත් ක්‍රීඩා සමාජයට එරෙහිව කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 7-1 ක් ලෙස ජය ගැනීමට රෙඞ් ස්ටාර් ක්‍රීඩා සමාජය සමත් විය.

එහිදී රෙඞ් ස්ටාර් ක්‍රීඩා සමාජය වෙනුවෙන් 64 වැනි, 79 වැනි සහ 92 වැනි (අතිරේක කාලයේදී) මිනිත්තුවලදී ගෝල ත්‍රිත්වයක් ලබාගැනීමට ඕ.අයි. අබුමෙරේ සමත් වූ අතර එම කණ්ඩායමේම අලී හසන් 52 වැනි මිනිත්තුවේදීද, ඒ. ජිබෝලා 72 වැනි මිනිත්තුවේදීද, ජේ.ඒ. දිලක්ෂාන් 74 වැනි මිනිත්තුවේදීද තවත් ගොල 3 ක් වාර්තා කළහ.

නිගම්බු යූත් ක්‍රීඩා සමාජයේ ආර්. මෙනන් 47 වැනි මිනිත්තුවේදී තම දැල වෙතටම පන්දුව යොමු කිරීම නිසා රෙඞ් ස්ටාර් ක්‍රීඩා සමාජය ඕන් ගෝලයක්ද හිමිවිය. නිගම්බු යූත් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට එන්.එන්. චිබසෝර් සමත් වූයේ තරගයේ 27 වැනි මිනිත්තුවේදීය.

මෙම තරගයේදී රෙඞ් ස්ටාර් ක්‍රීඩා සමාජයේ ඒ. ජිබෝලා කහ කාඞ්පතක් ලැබීය.  


-036

 


අදහස් (0)

රෙඞ් ස්ටාර් පිලට ගෝල 7-1 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.