Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රුමේෂිකාට මීටර් 200 අවසන් තරගය අහිමි වෙයි

රුමේෂිකාට මීටර් 200 අවසන් තරගය අහිමි වෙයි

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 200 කාන්තා ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ රුමේෂිකා රත්නායක එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට අසමත් වූවාය. 

අද (28 වැනිදා) පැවැති අවසන් පූර්ව වටයේ පළමු තරගයට සහභාගි වූ රුමේෂිකා, තත්පර 24.05 ක කාලයක් වාර්තා කරමින් එහි 6 වැනි ස්ථානයට පත් වූවාය. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් 16 දෙනා අතරින් රුමේෂිකාට හිමි වූයේ 10 වැනි ස්ථානයයි. 

රුමේෂිකා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී තත්පර 23.79 ක කලයක් වාර්තා කරමිනි. ඒ අනුව බලන කළ ඇගේ අවසන් පූර්ව වටයේ තරග නිමි කාලය, මූලික වටයේ තරග නිමි කාලයට වඩා තත්පර 0.26 කින් අඩු වී තිබේ.  

-036 


අදහස් (0)

රුමේෂිකාට මීටර් 200 අවසන් තරගය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.