Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රවිඳු 8 වැනි වරටත් ජාතික ශූරයා

රවිඳු 8 වැනි වරටත් ජාතික ශූරයා

ශානුක අරවින්ද - 2021 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය 40 වැනි වරටත් සංවිධානය කළ ජාතික ස්කොෂ් ශුරතාවලියේදී රවිඳු ලක්සිරි විවෘත පිරිමි ශුරතාව දිනාගත්තේය. මෙම තරගාවලියේ විවෘත කාන්තා ශුරතාව දිනාගැනීමට ෆතූම් ඉසඩීන්ද සමත් වූවාය.

පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස ශමිල් වකීල් පරාජය කරමින් රවිඳු ලක්සිරි ජාතික ශූරතාව දිනාගතතේය. ඔහු පිට පිටම ජාතික ස්කොෂ් ශූරයා බවට පත් වූ 8 වැනි අවස්ථාව මෙය විය. ෆතූම් ඉසඩීන් මෙවර ජාතික ශූරතාව දිනාගත්තේ කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස චනිත්මා සිනාලි පරාජය කරමිනි. ඉසඩීන් පිට පිටම ජාතික ස්කොෂ් ශූරිය බවට පත්වූයේ දෙවැනි වටරය.

දැඩි සෞඛ්‍ය නීති රීති යටතේ ජනවාරි මස අවසන් සතිය තුළ පැවැති කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජ ස්කොෂ් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 100 ක් පමණ සහභාගි වූහ.

රවිඳු, ශමිල් සහ ඉසඩීන් යන තිදෙනාම 2019 වසරේ දෙසැම්බර් මාසයේ නේපාලයේදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ස්කොෂ් කණ්ඩායම් ඉසව්වේදී ලෝකඩ පදක්කම් දිනූවෝ වෙති.

පිරිමි කේවල, කාන්තා කේවල, ආධුනික පිරිමි, ආධුනික කාත්නා, වයස 35 න් ඉහළ පිරිමි, වයස 35 න් ඉහළ කාන්තා, වයස 40 න් ඉහළ පිරිමි, වයස 45 න් ඉහළ ප්‍රවීන පිරිමි, වයස 50 න් ඉහළ ප්‍රවීන පිරිමි, වයස 55 න් ඉහළ ජ්‍යෙෂ්ඨ පිරිමි සහ වයස 60 න් ඉහළ ජ්‍යෙෂ්ඨ පිරිමි යන කාණ්ඩ 11 යටතේ මෙම තරගාවලියේදී තරග පැවැත්විණ.

කොරොනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවේදී පැවැති පළමු ස්කොෂ් තරගාවලිය මෙය වූ අතර එහි ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහභාගි විය.


තරග ප්‍රතිඵල
පිරිමි අවසන් මහ තරගය
රවිඳු ලක්සිරි විසින් තරග වට 3-0 ක් ලෙස ශමිල් වකීල් පරාජය කරන ලදි. (11/06, 11/03, 11/02)

කාන්තා අවසන් මහ තරගය
ෆතූම් ඉසඩීන් විසින් තරග වට 3-2 ක් ලෙස චනිත්මා සිනාලි පරාජය කරන ලදි. (11/03, 11/04, 02/11, 06/11, 11/03)


අදහස් (0)

රවිඳු 8 වැනි වරටත් ජාතික ශූරයා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.