Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රදැල්ල කඳු තරණය 6-7

රදැල්ල කඳු තරණය 6-7

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවරඑළිය වසන්ත සමය වෙනුවෙන් ගෝ සිලාවෝ පුද්ගලික සමාගම සංවිධානය කරන ‘එවරෙස්ටින්’ හෙවත් රදැල්ල කඳු තරණය මවුන්ටන් පාපැදි තරගය මේ මස 6 වැනිදා සිට 7 වැනිදා දක්වා පැය 24 ක කාලයක් පුරා පැවැත්වේ.

‘එවරෙස්ටින්’ ලෙස හැඳින්වෙන මෙම ජාත්‍යන්තර පාපැදි තරගය ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රියාව, එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, තායිලන්තය, මැලේසියාව, චීනය වැනි රටවල් රැසකදී වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නකි. මේ වන විට ලොව පුරා රටවල් 82 කදී පවත්වා ඇති ‘එවරෙස්ටින්’ පාපැදි තරග සංඛ්‍යාව 3147 කි.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. ඒ සඳහා දෙස් විදෙස් තරගකරුවන් රැසක් සහභාගි වීමට නියමිතය. එය නරඹන්නන්ටද ඉතා නැවුම් අත්දැකීමක් වනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

ඕස්ට්‍රේලියානු සංක්‍රමණික උපදේශක සමාගම, නුවරඑළිය ග්‍රෑන්ඞ් හෝටලය සහ ස්පයිනර් සමාගම සමග මෙම තරගාවලියේ සම අනුග්‍රාහකයෝ ලෙස කටයුතු කරති. විජය පුවත්පත් සමාගම මුද්‍රිත මාධ්‍ය ආයතනය ලෙස කටයුතු කරයි.


රදැල්ලේ මාර්ග දෙකක් වැසෙයි

එවරෙස්ටින් හෙවත් ‘රදැල්ල කඳු තරණය’ ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගය හේතුවෙන් රදැල්ල කෙටි මාර්ගය සහ අවිස්සාවේල්ල-හැටන්-නුවරඑළිය මාර්ගය අප්‍රේල් මස 6 වැනිදා පස්වරු 3.00 සිට 7 වැනිදා පස්වරු 3.00 දක්වා වාහන ගමනා ගමනය සඳහා වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

ඒ අනුව රදැල්ල කෙටි මාර්ගය කිලෝ මීටර් 0 සිට කිලෝ මීටර් 3 සීමාව දක්වාද, අවිස්සාවේල්ල-හැටන්-නුවරඑළිය මාර්ගය කිලෝ මීටර් 99 සිට කිලෝ මීටර් 109 සීමාව දක්වාද ඉහත සඳහන් කාල සීමාව තුළදී වසා තැබීමට නියමිතය.

 

- 036


අදහස් (0)

රදැල්ල කඳු තරණය 6-7

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.