Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යුද හමුදාව - යුනිචෙලා වැඩි ගෞරව දිනයි

යුද හමුදාව - යුනිචෙලා වැඩි ගෞරව දිනයි

ශානුක අරවින්ද - 2019 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති 79 වැනි ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ පිරිමි කාණ්ඩයේ වැඩි ගෞරව දිනාගැනීමට යුද හමුදාව සමත් වෙද්දී, කාන්තා කාණ්ඩයේ වැඩි ගෞරව දිනාගැනීමට මාස් යුනිචෙලා ක්‍රීඩා සමාජය සමත් විය.
 
යුද හමුදාව පිරිමි කාණ්ඩයේ වැඩි දස්කම් දැක්වීමට සමත් වූයේ බර පංති 10 න් 7 කම රන් පදක්කම් දිනාගනිමිනි. එහි සෙසු බර පංති තුනේ රන් පදක්කම් දිනාගැනීමට මාස් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සමත් විය. කාන්තා අංශයේදී අණසක පැතිරවූ යුනිචෙලා ක්‍රීඩා සමාජය බර පංති 9 න් 8 කම රන් පදක්කම් දිනාගත් අතර එහි සෙසු බර පංතියේ රන් පදක්කම පොලිසිය සතු විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතියෙන් තරග වැදුණ යුද හමුදාවේ සංජීව නුවන් සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ෆෙදර් (කිලෝ ග්‍රෑම් 57) බර පංතියෙන් තරග වැදුණ යුනිචෙලා ක්‍රීඩා සමාජයේ කේෂානි හංසිකා සම්මාන දිනාගත්තාය.

දක්ෂතම පරාජිතයා ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතියෙන් තරග වැදුණ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එන්. ජිනදාසද, දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතියෙන් තරග වැදුණ ගුවන් හමුදාවේ සංජීවනී කුරේද සම්මාන හිමිකරගත්හ.

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩා සමාජ 18 ක් නියොජනය කරමින් ක්‍රීඩකයෝ 118 ක් සහ ක්‍රීඩිකාවෝ 34 ක් සහභාගි වූහ. තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ආධුනික බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා සහභාගි විය.

 

දක්ෂතම ක්‍රීඩකයා - යුද හමුදාවේ සංජීව නුවන්

 

දක්ෂතම පරාජිතයා - ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එන්. ජිනදාස

 


දක්ෂතම ක්‍රීඩිකාව -  යුනිචෙලා ක්‍රීඩා සමාජයේ කේෂානි හංසිකා

 

දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව - ගුවන් හමුදාවේ සංජීවනී කුරේ


අදහස් (0)

යුද හමුදාව - යුනිචෙලා වැඩි ගෞරව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.