Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යුගල කණ්ඩායම් දෙවැනි වටයෙන් ඉවතට

යුගල කණ්ඩායම් දෙවැනි වටයෙන් ඉවතට

ශානුක අරවින්ද - 2019 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු මේසපන්දු සංගමයේ සංවිධානයෙන් ඉන්දුනීසියාවේ යොජ්යකාර්තා නුවරදී පැවැති ආසියානු මේසපන්දු ශූරතාවලියේ යුගල ඉසව් සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම් සියල්ල දෙවැනි වටයෙන්ම ඉවතට විසිවිය.

තරගාවලියේ පිරිමි යුගල ඉසව්වට සහභාගි වූ චමීර ගිණිගේ සහ රොහාන් සිරිසේන එහි මූලික වටයේදී කුවේටයේ අල් රෂිඩි මර්සූක් සහ අල් බල්හාන් ජබීර් පරාජය කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ. එහෙත් දෙවැනි වටයේදී බහරේනයේ මහෆූධ් සයිඞ් මුර්තධා සහ රෂීඞ් රෂීඞ් හමුවේ පරාජය වීම නිසා ඔවුන්ට පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූහ.

කාන්තා යුගල ඉසව්වට සහභාගි වූ එරන්දි වරුසවිතාන සහ ජිතාරා වර්ණකුලසූරිය එහි දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේ පළමු වටයේදී ජෝර්දානයේ අබූ යමාන් තායිම්මා සහ අල් වෙදියාන් බාරා පරාජය කරමිනි. එහෙත් දෙවැනි වටයේදී සිංගප්පූරුවේ යූ මෙන්යු සහ ලින් යී හමුවේ පරාජය වීම නිසා ඔවුන්ටද පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූහ.

පිරිමි යුගල ඉසව්වට සහභාගි වූ සෙසු ශ්‍රී ලංකා කණ්ඩායම වූ සුපුන වරුසවිතාන සහ සෙනුර ද සිල්වා මෙන්ම කාන්තා යුගල ඉසව්වට සහභාගි වූ සෙසු ශ්‍රී ලංකා කණ්ඩායම වූ ඉෂාරා මධුරංගි සහ බිමන්දි බණ්ඩාරද එම ඉසව්වල මූලික වටවලදී ඔවුන් සහභාගි වූ තරග පරාජයට පත් වූහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මිශ්‍ර යුගල ඉසව්වට සහභාගි වූ කණ්ඩායම් දෙකම මූලික වටයේදී නිතරග ජයග්‍රහණ ලබා දෙවැනි වටයට පිවිසියද, දෙවැනි වටයේදී පරාජය වීම හේතුවෙන් ඔවුන්ට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූහ. එහිදී සිංගප්පූරුවේ පූ ශාවෝ ෆෙන් සහ ගොයි රුයි ෂුවෑන් හමුවේ රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගිද, චීන තායිපේහි පැන් යෙව් එන් සහ වොන් ෂින් රූ හමුවේ සුපුන වරුසවිතාන සහ එරන්දි වරුසවිතානද පරාජයට පත් වූහ.

පිරිමි යුගල ඉසව්ව

පළමු වටය

චමීර ගිණිගේ සහ රොහාන් සිරිසේන (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස අල් රෂිඩි මර්සූක් සහ අල් බල්හාන් ජබීර් (කුවේටය) පරාජය කරන ලදි. (11/9, 12/10, 11/9)

ලියූ හෂින් යින් සහ පෙන් වැන් වෙයි (චීන තායිපේ) විසින් වට 3-0 ක් ලෙස සුපුන වරුසවිතාන සහ සෙනුර ද සිල්වා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/6, 11/4, 11/5)

දෙවැනි වටය

මහෆූධ් සයිඞ් මුර්තධා සහ රෂීඞ් රෂීඞ් (බහරේනය) විසින් වට 3-2 ක් ලෙස චමීර ගිණිගේ සහ රොහාන් සිරිසේන (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (4/11, 9/11, 11/7, 11/5, 11/7)

කාන්තා යුගල ඉසව්ව

පළමු වටය

එරන්දි වරුසවිතාන සහ ජිතාරා වර්ණකුලසූරිය (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස අබූ යමාන් තායිම්මා සහ අල් වෙදියාන් බාරා (ජෝර්දානය) පරාජය කරන ලදි. (11/5, 11/9, 11/7)

ඉෂාරා මධුරංගි සහ බිමන්දි බණ්ඩාර (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස පරනන් ඔරවැන් සහ සෙවැටබුට් සුතසිනි (තායිලන්තය) පරාජය කරන ලදි. (11/3, 11/5, 11/8)

දෙවැනි වටය

යූ මෙන්යු සහ ලින් යී (සිංගප්පූරුව) විසින් වට 3-0 ක් ලෙස එරන්දි වරුසවිතාන සහ ජිතාරා වර්ණකුලසූරිය (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/2, 11/5, 11/4)

මිශ්‍ර යුගල ඉසව්ව

දෙවැනි වටය

පූ ශාවෝ ෆෙන් සහ ගොයි රුයි ෂුවෑන් (සිංගප්පූරුව) විසින් වට 3-0 ක් ලෙස රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (12/10, 11/9, 11/3)

පැන් යෙව් එන් සහ වොන් ෂින් රූ (චීන තායිපේ) විසින් වට 3-0 ක් ලෙස සුපුන වරුසවිතාන සහ එරන්දි වරුසවිතාන (සිංගප්පූරුව) පරාජය කරන ලදි. (11/6, 11/7, 11/8)


අදහස් (0)

යුගල කණ්ඩායම් දෙවැනි වටයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.