Last Update  :  2024-03-28 13:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යසිත - සංඛ ද්විත්ව ශූරතා දිනති

යසිත - සංඛ ද්විත්ව ශූරතා දිනති

ශානුක අරවින්ද - 2020 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මැටි පිටි ජාතික ටෙනිස් තරගාවලියේ මෙතෙක් පැවැති විවෘත ඉසව්වලදී ද්විත්ව ශූරතා දිනාගැනීමට යසිත ද සිල්වා සහ සංඛ අතුකෝරළ සමත් වූහ.

පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 2-0 ක් (6/2, 7/5) ලෙස සවිත් වීරසිංහ පරාජය කළ යසිත, පිරිමි කේවල ශූරතාව දිනාගත්තේය.  ඔහු මැටි පිටි ජාතික ටෙනිස් තරගාවලියක කේවල ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය විය. ඉන් නොනැවතුන යසිත, පිරිමි යුගල අවසන් මහ තරගයේදී සංඛ අතුකෝරළ සමග එක්ව වට 2-0 ක් (6/2, 6/3) ලෙස සවිත් වීරසිංහ සහ විභූද විජේබණ්ඩාර පරාජය කරමින් ද්විත්ව ශූරතා දිනාගත්තේය.

අවසන් පූර්ව වටයේදී ටෙහාන් විජේමාන්නට එරෙහිව වට 2-0 ක (7/5, 6/2) ජයක් වාර්තා කරමින් යසිත කේවල ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. සවිත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී සංඛ අතුකෝරලට එරෙහිව වට 2-0 ක (7/5, 6/3) ජයක් වාර්තා කරමිනි.

පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වුවද, නෙයාරා වීරවංශ සමග එක් වූ සංඛ අතුකෝරළ මිශ්‍ර යුගල ඉසව්වේ ශූරතාව දිනාගත්තේය. අවසන් මහ තරගයේදී වට 2-1 ක් (6/7, 6/1, 10/5) ලෙස දිනේෂ්කාන්තන් තංගරාජා සහ අනීකා සෙනෙවිරත්න දෙදෙනා සංඛ සහ නෙයාරා හමුවේ පරාජයට පත්වූහ.

අවසන් මහ තරගයේදී වට 2-0 ක් (6/2, 6/1) ලෙස සවිනි ජයසූරිය පරාජය කළ අනීකා සෙනෙවිරත්න කාන්තා කේවල ශූරතාව දිනාගත්තාය.  ඇය මැටි පිටි ජාතික ටෙනිස් තරගාවලියක කේවල ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව මෙයයි.

අවසන් පූර්ව වටයේදී නෙයාරා වීරවංශට එරෙහිව වට 2-1 ක (4/6, 6/3, 6/2) ජයක් වාර්තා කරමින් අනීකා කේවල ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තාය. සවිනි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී ජනාලි මනම්පේරිට එරෙහිව වට 2-1 ක (4/6, 6/2, 7/5) ජයක් වාර්තා කරමිනි.

කාන්තා යුගල ඉසව්වේ අවසන් මහ තරගය ඊයේ (31 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අතර එහිදී ජනාලි මනම්පේරිට සහ සවිනි ජයසූරියට එරෙහිව තුවිනි ද අල්විස් සහ නෙයාරා වීරවංශ තරග වැදීමට නියමිතව සිටියහ. එම ඉසව්වේ අවසන් පූර්ව වටයේදී අනීකා සෙනෙවිරත්න සහ අලානා සෙනෙවිරත්න පරාජය කරමින් ජනාලි සහ සවිනිද, ඔනෙලි පෙරේරා සහ සෙත්මි දිමායා පරාජය කරමින් තුවිනි සහ නෙයාරාද අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

 


අදහස් (0)

යසිත - සංඛ ද්විත්ව ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.