Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මිල්කා ගිහානි ඔලිම්පික් කඩයිම අබියස

මිල්කා ගිහානි ඔලිම්පික් කඩයිම අබියස

editorial - 2021 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගිහානි ද සිල්වා ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහාගි වීමේ ඉතාම ආසන්නට පැමිණ සිටී. ඇය එම කඩයිමට පැමිණ සිටින්නේ සුදුසුකම් නොලත් රටවලට හිමි අවස්ථාවන් යටතේ, ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වන රටවලට පිරිනමන විශේෂ ප්‍රසාද ලකුණු ක්‍රමය යටතේය. 

කෙසේ වුවත් ඒ සඳහා මිල්කා ගිහානි අවම වශයෙන් ප්‍රසාද ලකුණු 48 ක් ලබාගත යුතුව තිබේ. වසර 2019 ජර්මනියේ පැවැති ලෝක ජිම්නාස්ටික් ශූරතාවලියේදී ඇය දැක්වූ දස්කම් මත ප්‍රසාද ලකුණු 47.2 ක් ලබා ඇත. 

ජිමනාස්ටික් ක්‍රීඩාවේ කාන්තා ඉසව් 4 වන අසම සම පෝල, පිනුම් අශ්වයා, සමබර දණ්ඩ හා භූමි ව්‍යායාම යන ඉසව් හතරේදීම දක්ක්‍ෂතා දක්වමින් ඇය ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් කඩයිම ආසන්නයට ලඟාවී තිබේ. 

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ පරිපාලන ලේකම් උදාර එස්. බියන්විල මහතා ලංකාදීපයට පැවසුවේ ඇය ටෝකියෝ උළෙලට නිර්දේශ වී ඇතැයි, මෙතෙක් ලෝක ජිම්නාස්ටික් සංගමයෙන් ශ්‍රී ලංකාවට නිල වශයෙන් දැනුම් දී නැති බවයි. එහෙත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි බලාපොරොත්තුවෙන් සිටන බවද හෙතෙම පැවසීය. 

මිල්කා, ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගත හොත් ඇය ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් තරග බිමට පිවිසෙන පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙයි. ඇය කොළඹ මෙතෝදිස්ත විදුහලේ හා පිළිය්නදළ සෝමවීර චන්ද්‍රසිරි විදුහලේ ආදි ශිෂ්‍යාවකි. ඇයගේ වත්මන් පුහුණුකරු වන්නේ රංජන තරංග මහතාය. 

ජපානයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ, ආසියානු ජිම්නාස්ටික් ශූරතාවලිය අවලංගු කිරීමෙන් පසුව, මිල්කාට ටෝකියෝ උළෙලේදී වැඩි අවස්ථාවක් හිමි වන බව ද උදාර එස්. බියන්විල මහතා පැවසීය. 


ඡායාරූපය : රොයිටර් (නිරූපනයක් සඳහා පමණි)


අදහස් (0)

මිල්කා ගිහානි ඔලිම්පික් කඩයිම අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.